මේ කියන්න යන්නේ හිතාගන්න බැරි විදියේ අමුතුම, ඒ වගේම බය හිතෙන අනතුරක් ගැනයි.
අසල්වැසි ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේදී තමයි මේ අදහාගත නොහැකි සිදුවීම වාර්තා වෙන්නේ. ප්‍රබල සුළඟක් හමන වෙලාවක, එක්තරා පුද්ගලයෙක් තහඩු වලින් හදපු විශාල දැන්වීම් පුවරුවක් අල්ලාගෙන ඉන්නවා. ඒත් සුළඟේ වේගය කොච්චරද කියනවා නම්, ඒ දැන්වීම් පුවරුවත් එක්කම මේ පුද්ගලයා අහසට උස්සාගෙන ගිහින් තිබෙන්නේ හරියට සරුංගලයක් වගෙයි.
සමාජ මාධ්‍ය පුරා දැන් මේ වීඩියෝව ලැව්ගින්නක් වගේ පැතිර යනවා. ඒ වීඩියෝවේ පේන විදියට, අඩි ගණනාවක් ඉහළට එසවෙන මේ පුද්ගලයා තත්පර කිහිපයක් අහසේ රැඳී ඉඳලා, පාලනය කරගන්න බැරිව ආයෙත් වේගයෙන් බිමට වැටිලා. බලන් ඉන්න අයගේ හදවත නතර වෙන තරම් ඒ දර්ශනය දරුණුයි.
මේ අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. වහාම ක්‍රියාත්මක වුණු ප්‍රදේශවාසීන් ඔහුව රෝහල්ගත කර තිබෙනවා. ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වුණු ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සමාජ මාධ්‍ය ඇසුරෙන්