ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට හඳුන්වා දුන් කිලෝමීටර් 2ක ප්‍රමාණය විනාඩි 8යි තත්ත්පර 35කින් අවසන් කිරීමේ අභියෝගය ජය ගැනීමට නව වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සමත්ව තිබෙනවා.
ඒ, එම දුර ප්‍රමාණය විනාඩි 7යි තත්ත්පර 30ක් වැනි කාලයක් තුළ අවසන් කරමින්.
අදාළ අභියෝගයට මීට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගී වූ අතර එහිදී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉන් අසමත්වීමත් විශේෂත්වයක් වනවා.
ඒ්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, දිල්රුවන් පෙරේරා සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින්.
අනතුරුව පැවැති දෙවන පරීක්ෂණයේදී තමන් සමත් වූ බව පවසමින්, ධනුෂ්ක ගුණතිලක සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් ද තබා තිබුණා.
කෙසේ වෙතත්, මීට වසර කිහිපයකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් චමින්ද වාස් අදාළ අභියෝගය ඉතා පහසුවෙන් ජය ගැනීම විශේෂත්වයක්.
වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවෙහි දැඩි තරගකාරීත්වයක් පැවතීම හේතුවෙන්, ක්‍රීඩකයින් තමන්ගේ ශාරීරික යෝග්‍යාතවය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි චමින්ද වාස් පවසන්නේ.
මේ බව ඔහු කියා සිටියේ, පසුගිය දිනක පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.
ශරීර යෝග්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා වාස් දිගු දුර ධාවන තරඟ සඳහාඉදිරිපත් වන අතර ඔහුම සෑම සතියකම කිලෝමීටර් 21ක දුරක් සහිත අර්ධ මැරතන් ඉසව්වකට සහභාගී වන බව ද සඳහන්.