Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
22
"මෙයාට වෙන සම්බන්ධයක් තියනවා, ඒ නිසා මාව පැත්තකට කරන්නේ කියලා මට හිතුණා..." - බිරින්දෑවරුන් දෙදෙනෙක්ම එපා වූ පසු අවුරුදු 15ක් වැඩිමහල් කාන්තාවක් සමඟ දීග කෑ ලයනල් සිදු කළ අහස පොළව නුහුලන අපරාධය - Video

- "මෙයාට වෙන සම්බන්ධයක් තියනවා, ඒ නිසා මාව පැත්තකට කරන්නේ කියලා මට හිතුණා..." - බිරින්දෑවරුන් දෙදෙනෙක්ම එපා වූ පසු අවුරුදු 15ක් වැඩිමහල් කාන්තාවක් සමඟ දීග කෑ ලයනල් සිදු කළ අහස පොළව නුහුලන අපරාධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

මම හොරේ අතටම අල්ලන්න දවස් කීපයක්ම උත්සහ කළා..
 
ඒකි කෑ ගහන සද්දේ අහළ පහළට ඇහිලා නෑ.....
 
'අපේ නෝනව කවුරුහරි මරලා, වලේ පුච්චලා දාලා තියෙනවා...' අම්බලන්තොට ගොයංකොළමුල්ල, පිටුවාගල, අංක 310/5 ලිපිනයේ පදිංචි ලයනල් පසුගිය 9 වැනිදා උදේ අසල්වැසි නීල් යන අය අමතා මෙලෙස පවසා සිටියේ බොහෝ අසරණ වූ විලසිනුයි.
 
ලයනල්ට පිහිට විය යුතු යැයි සිතූ නීල් දුරකථන ඇමතුමක් දී අම්බලන්තොට පොලීසියට මේ බව දැන්වුවා.
 
ඇමතුම දුන් නීල් පවසා සිටියේ "ගොයංකොළ මුල්ල පාරේ ලයනල්ගේ බිරිය කිසිවකු විසින් මරා දමා" ඇති බවයි.
 
තොරතුර ලද වහාම පොලිස් යතුරුපැදිය එම ප්‍රදේශයට යැවූ අතර අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් ද ඊට ස්වල්ප වේලාවකට පසු සිද්ධිය වූ නිවෙස බලා පිටත් වුණා.


පොලීසිය යන විට අසල්වැසි කිහිප දෙනෙකු නිවස අසළ රොක්ව සිටියා. වයස අවුරුදු අසූවක් පමණ වූ වයෝවෘද්ධ අයකු නිවස ඉදිරිපිට පුටුවක හිඳගෙන සිටි අතර වයස අවුරුදු හැත්තෑව පමණ ඉක්මවූ කාන්තාවක් ඒ අසළ සිටියා.
 
"සර් මම ලයනල්... මේ මගේ අම්මයි තාත්තායි..."
 
"අම්මයි තාත්තායි මේ ගෙදරද ඉන්නේ?"
 
"නෑ සර්... ඒ ගොල්ලෙ 'වලව', මගේ නෝනා මරලා දාලා නිසා ඇවිත් ඉන්නේ..."
 
ලයනල්ගේ බිරිය කවුරුන් හෝ මරා දමා ඇතැයි කීවද මළසිරුරක් පෙනෙන්නට තිබුණේ නැහැ.
 
පොලිසිය නිවෙස ඉදිරිපිට පිළිස්සුන කුණු ගොඩක සළකුණු පෙනෙන්නට තිබුණා. එම ස්ථානයට ගිය කණ්ඩායම කුණු ගොඩ හොඳින් නිරීක්ෂණය කළා. මිනිස් සිරුරක පිළිස්සි ගිය ඉකිලියට ආසන්න බාහුවක කොටසක් මෙන්ම හිස් කබලක්ද පෙනෙන්නට තිබුණා.
 
"සර් මේ ගෙදර හිටියේ මම කසාඳ බැඳපු පවුල නෙවෙයි. වෙන ගෑනු කෙනෙක්. එයා එක්ක තමයි මම මේ දවස්වල ජිවත් වුණේ..."
 
ලයනල් මුල සිට ජිවිත කතාව හෙළි කරන්නට පටන් ගත්තා. ඔහු කී තොරතුරු වලට අනුව මොහු ගේ වර්තමාන වයස අවුරුදු පනහක්. මොහු විවාහ වෙන්නේ 1999 වර්ෂයේදීයි. එම විවාහයෙන් මොහුට දරුවන් දෙදෙනෙකුද සිටිනවා. දියණිය විවාහ වී නිවසින් පිටව කල් ගෙවන අතර පුත්‍රයා තවමත් ලයනල්ගේ නීත්‍යානූකූල බිරිය සමඟ කල් ගෙවනවා.
 
ලයනල් හා නීත්‍යානූකූල බිරිය අතර ආරවුල් ඇතිවන්නට පටන් ගන්නේ මීට වසර හත අටකට පෙරයි. එම ගැටුම් අවසානයේ බිරිය දරුවන්ද රැගෙන ගොස් ගොයංකොළමුල්ල පිහිටි ලයනල්ගේ නිවසින් පිටව යන අතර ලයනල් නිවසේ තනිවුණා. ලයනල් වෘත්තියෙන් ගොවියෙක්.
 
"පවුල දාලා ගියාට පස්සෙ මට ගෙදර තනියෙන් ඉන්න අමාරු වුණා. සීනිගම පැත්තේ හිටපු දන්න ගෑණු කෙනෙක් මම මේ ගෙදරට එක්කන් ඇවිත් එයත් එක්ක ජිවත් වුණා. අවුරුදු එකහමාරක් විතර යද්දි අපි අතර පොඩි පොඩි ආරවුල් ඇති වුණා. පස්සේ එයා මාව දාලා යන්න ගියා..."
 
"එයා ගියාට පස්සෙ මම ආපහු තනිවුණා. පොළේ පොල්තෙල් විකුණන සුසන්ත මගේ හිතවතෙක්. මම එයාට කිව්වා, මට තනියම ඉන්න අමරුයි, ගෑණු කෙනෙක් හොයලා දෙන්න කියලා..."
 
"පොඩ්ඩක් ඉන්න අපේ පොළේ එළවළු විකුණන ගෑණු කෙනෙක් ඉන්නවා ඔය වගේ කපු වැඩ කරන, මම එයාට මේක කියන්නම්..."
 
එලෙස පැවසූ සුසන්ත ඊට දින කිහිපයකට පසු එනම් පෙබරවාරි මාසයේ මුල් දිනයක ලයනල් අමතා පැවසුවේ, "අද පොළට එන්න. මම අර ගෑනු කෙනාව මුණ ගස්සවන්නම්. ඕන විදිහ කිව්වම ඒකි උඹට ගෑනියෙක් හොයලා දෙයි..." ලෙසයි.
 
එදා පොළට යන ලයනල් සුසන්ත හමුවුණා. ඔහු ලයනල් කැඳවාගෙන ගොස් එළවළු විකුණන කරුණාවතීට හඳුන්වා දී "මෙයාට තමයි කපුකමක් ඕන වෙලා තියෙන්නේ..." යැයි පැවසුවා.
 
කපුකම් කරණ කරුණාවතී වයස අවුරදු හැට හයක් වූ සය දරු මවක්. දූ දරුවන් දීග දී මුණුබුරු මිනිපිරියන් සමඟ සිටින ආච්චි අම්මා කෙනෙක්. ඒත්... තවමත් පනස්වන වියේ පසුවන ලයනල් දුටු මේ ආච්චි අම්මාගේ සිතේ අනුරාගී හැඟීම් ඇතිවන්නට පටන් ගත්තේ, "නාකි විසේ ගෙටත් උසේ" යන පැරණි කියමන යළි යළිත් සනාථ කරමිනුයි. 'සැමියා මිය ගොස් ගෙවී ගිය වසර පහළොවක පමණ කාලය කොතරම් මූසල ද මේ කොල්ලා වෙන ගැහැනියකට නොව මටම හොඳ' යැයි ඇයට සිතෙන්නට ඇති.
 
"කපුකම් ඕන නෑ මම එන්නම්," යැයි එකවරම ඇගේ මුවින් පිටවූයේ ලයනල් හෝ සුසන්ත හෝ සිහිනයකින්වත් නොසිතූ ලෙසයි.
 
"ඔයා කැමති නම් මට ප්‍රශ්නයක් නෑ.."
 
ලයනල් එලෙස පැවසුවේ තමාට වඩා බොහෝ වැඩිමහල් වුවත් කරුණාවතී කෙරෙන් දිස් වූ සරාගී බවක් නිසා විය යුතුයි.
 
ඇයගේ මේ යෝජනාවට එකඟ වූ ඔහු නිවෙස බලා පිටත් වූයේ බලාපොරොත්තු ගොන්නක් හදවතේ රඳවාගෙනයි.
 
ඊට පසු දින ලයනල්ගේ නිවස ඉදිරිපිට යතුරුපැදියක් නතර වුණා. එය සුසන්තගේ යතුරු පැදියයි. ඔහු පැමිණ සිටියේ තනිවම නොව කරුණාවතී ද සමඟයි. ඇය ඇඳුම් මල්ලක්ද රැගෙන විත් තිබුණා.
 
"මම මෙහේ නතර වෙන්න ආවේ.. අපි උයා පිහාගෙන කාලා බීලා හොඳට ඉමු..." ලෙසින් කී කරුණාවතී මුලින්ම ගියේ මුලුතැන්ගෙටයි. සුසන්තටත් ලයනල්ටත් කිරි තේ සාදා දුන් ඇය ඊළඟට කළේ මුළු ගේම අතු ගා අස්පස් කිරීමයි.
 
ඇය ඊළඟට අතට ගත්තේ ඉදලයි. වත්ත වටේ වැටී තිබූ ගස් කොළ කුණු රොඩු සියල්ල අතු ගා නිවෙස ඉදිරිපිට වූ වළට දැමූ ඇය රාත්‍රී ආහාරය පිළියෙල කරන්නට සැරසෙන විට සුසන්ත යන්නට ගොසිනුයි. අල දමා අලුකෙසෙල් කිරට උයා හාල්මැස්සන් බැඳුමක් සාදා බත් ඉවූ ඇය ලයනල් සමඟ රාත්‍රී ආහාර වේල රස බැලුවේ 'අලුත බැඳපු මනමාලියක්ය' යන සිතුවිල්ලෙනුයි.
 
වසර 15කට අධික කාලයක් පිරිමි පහසකින් තොරව කල් ගෙවූ ඇය ගත පෙළෙන ලිංගික ආශා සියල්ල එදින රාත්‍රීයේ ලයනල් ලවා සපුරා ගත් අතර ලයනල්ගේ තත්ත්වය ද එයම වුණා.
 
මංගල රාත්‍රීය ගෙවී හිරු උදා වූයේ කරුණාවතී ලයනලුත් නොසිතූ යමකට මුල පුරමිනුයි. එදින උදේ ත්‍රිරෝද රථයකින් ලයනල්ගේ නිවසට ආ කරුණාවතීගේ දියණියන් දෙදෙනෙකුත්, මුණුබුරෙකුත්, මහණ වී සිටින මුණුබුරාත් තරයේ ඇයට පවසා සිටියේ තමන් සමඟ යාමට පැමිණෙන ලෙසයි.
 
"මට උඹලා එක්ක එන්න බෑ. උඹලා උඹලගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉඳපල්ලා. මගෙන් උඹලට කරදරයක් නෑනේ. මම මෙහේ ඉන්නම්, උඹලා පලයල්ලා.." කරුණාවතී එලෙස කියද්දි ලයනල් ඇයට පැවසුවේ, "මෙයාලා අකැමැති නම් ඔයා ගෙදර යන්න.." ලෙසයි.
 
ඇය ලයනල්ගේ කීමට එකඟව දරුවන් පැමිණි ත්‍රීරෝද රථයෙන්ම ලයනල් හැරදමා යන්නට ගියා. එදින රාත්‍රීය යළි තනිවම ගත කළ ලයනල් උදේ පිබිදී කාංසියෙන් සිටියදී දුටුවේ කරුණාවතී යළි තමා සොයා පැමිණෙන අයුරුයි.
 
ඉන් අනතුරුව දරුවන් ඇය සොයා පැමිණීයේ නැහැ. ඇය.. සුපුරුදු පරිදි පොලට ගොස් එළවළු විකුණුවා. ගෙදර දොරේ සියලුම වැඩකටයුතු ද කරගෙන ලයනල් ගේ බිරිය ලෙස කල් ගෙව්වා. ලයනල් ද තම එදිනෙදා වැඩ කටයුතු වල නිරත වෙමින් කරුණාවතී කෙරෙහි ඇති කරගත් ප්‍රේමණීය සිතුවිලි සමඟ ඇය හා ආදරයෙන් වෙළි කල් ගෙව්වා.
 
මාසයක් එකහමාරක් පමණ මේ දෙදෙනාගේ ආදර කැදැල්ල බොහෝ සතුටින් ආදරයෙන් පිරී ගිය එකක් වුණා. ඊට පසු මොවුන්ගේ ආදරයට කණ කොකා හඬන්නට වූයේ කරුණාවතීගේ එදිනෙදා වැඩ කටයුතු වල වෙනදාට වඩා අඩුවක් පවතින බව ලයනල්ට පෙනී යාම නිසායි.
 
ඇය.... "එපා වාහෙට හොදි බෙදන්නා සේ" තමාට සලකන බව වටහා ගත් ලයනල් ඒ ගැන විමසා ඇය සමඟ රණ්ඩුවලට පැටලුණා. දෙදෙනා අතර වූ මෙම ගැටුම් වැඩි වෙලා පැවතියේ නැහැ. දෙදෙනා යළි හාදවී නිත්‍යානූකූල නොවන නමුත් පවුල් දිවිය ගෙන ගියා.
 
වයස අවුරුදු 66ක් වුවත් ලයනල්ට ඇයව පෙනෙන්නට ඇත්තෙ තරුණ වයසේ පසුවන කාන්තාවක් ලෙසිනුයි. ඇයගේ මේ වෙනස් වීමත් සමඟ ඔහු ඇය දිහා සැකයෙන් බලන්නට පටන් ගත්තේ ඒ නිසා විය යුතුයි.
 
"මෙයා මට මේ විදිහට සලකන්නේ මෙයාට වෙන සම්බන්ධයක් තියෙන නිසා කියලා මට සැක හිතුණා. මම හොරේ අතටම අල්ලන්න දවස් කීපයක්ම උත්සහ කළා. මළ ගෙදරක ගිහින් රෑ වෙලා එන්නේ කියලා ගෙදරින් ගිහින් පැයකට දෙකකට පස්සෙ එකපාරටම ගෙදරට ආවා... ඒත්... ඒ එක දවසකවත් කවුරුවත් ගෙදරට ඇවිත් හිටියේ නැහැ. හැබැයි දිගටම කරුණාවතී ගැන මගේ හිතේ සැකේ තිබුණා..."
 
අවිශ්වාසය, සැකය පිරුණු දින කිහිපයක් ගෙවී යද්දි හත්වැනිදා දිනය උදා වූයේ වෙනසකින් තොරවයි. එදින උදේ පිබිදුණු කරුණාවතී උදේ ආහාරය සකසා, ලයනල්ට සාදා දී ලහි ලහියේ සුදානම් වී එළවළු වෙළඳාම සඳහා පොළ බලා පිටත් වුණා. ලයනල් ද සිය ගොවිතැන් වැඩවල නිරත වූ අතර හිරු අවරට යාමට පෙර දෙදෙනාම නිවසට පැමිණියා.
 
රාත්‍රී ආහාරය පිළියෙළ කළ කරුණාවතී රාත්‍රී අටට පමණ ලයනල් සමඟ එක්ව ආහාර ගත්තා.
 
එකම කොටසකින් යුතු මෙම නිවසේ ලයනල්ටත්, කරුණාවතීටත් නිදා ගැනීම සඳහා ඇඳක් තිබෙනවා. එහෙත්... මොවුන් පැදුරක් එලාගෙන බිම නිදාගන්නේ පවතින අධික ඌෂ්ණය නිසායි.
 
පැදුරට ගුලි වී අනිත් පැත්ත හැරුණු කරුණාවතී තද නින්දකට වැටීමට උත්සාහ කරන්නට වුණා. එහෙත්... ඇයට ලයනල්ගෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ. ගෙදරට ආ දිනයේ සිට මෑතක් වන තුරුම ඇය, ඔහු සමඟ ලිංගිකව එක් වුණා. මෑතක සිට ඇය ඊට ද එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. 'අදවත් බලමු' යැයි සිතු ඔහු... ඇය.. තමන්ගේ පැත්තට හරවා තමාගේ අවශ්‍යතාවය ඉදිරිපත් කළා.
 
"මට බෑ... අද ඔයත් එක්ක ඉන්න... මට බෑ. මට බෑ.."
ලයනල්ගේ ඉල්ලීම ඇය තරයේ ප්‍රතික්ෂේප කළා.
 
"ඒ වෙලාවේ මට එයා එක්ක පුදුම තරහක්, වෛරයක් ආවේ. අනිවාර්යෙන්ම මෙයාට වෙන සම්බන්ධයක් තියනවා. ඒ නිසා තමයි මාව පැත්තකට කරන්නේ කියලා මට හිතුණා..."
 
"තොට මාත් එක්ක ඉන්න බැරි මොකද පට්ට බැල්....." කියාගෙන මම ඒකිගේ බෙල්ල මිරිකුවා. ඒකි එකපාරක් 'බුදු අම්මෝ' කිව්වා. ඒ එක්කම ඒකිගේ බෙල්ල පැත්තකට කඩා වැටුණා. ඒකි මැරුණා කියලා මට හිතුණා..."
 
"ඒකි කෑ ගහන සද්දේ අහළ පහළට ඇහිලා නෑ. කවුරුත් ගෙවල් පැත්තට ආපු නැති නිසා මේක කාටවත් ඇහිලා නෑ කියලා මම තේරුම් ගත්තා..."
 
"අපි නිදාගන්න තැන තියෙන මේසේ යට හොඳට මුවහත් කරපු මහ පිහියකුයි පොරොවකුයි තිබුණා. මම ඒ දෙකම අරගෙන ඒකිව කෑලි කෑලි වලට කපන්න පටන් ගත්තා..."
 
"ළුණු ගේන, පොහොර බෑග් අපේ ගෙදර තිබුණා. ඒ බෑග් ගෙනැත් ගෑනිගේ කෑලි කෑලි ඒ බෑග්වලට දාලා මොකද කරන්නේ කියලා කල්පනා කළා.."
 
"රෑ එකොලහේ විතර ඉඳලා උදේ හතර විතර වෙනකොට වැඩ ටික ඉවර කරගත්තා. බෑග් ටික ඉස්සරහ කුණූවලට ගිහින් දාලා පයිප්පෙට හෝස් එක ගහලා අරගෙන ගෙයි තිබුණ ලේ සේරම හෝදලා දැම්මා. පොරොවයි වත්ත පිටිපස්සෙ ලඳු කැලෑවේ තේක්ක ගහ යට හංගලා කරුණාවතීගේ මිනියේ කෑලි දාපු වල දිහා බලාගෙන කල්පනා කළා.."
 
"ඒ වෙලාවේ මට හිතුණා මම මොනවද මේ කළේ ඇයි මම මේ මනුස්සයට මේ තරම් අපරාධයක් කළේ කියලා. ඒත් සර් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. දැන් මේකට මොනවා හරි කරලා මම බේරෙන්න ඕනි කියලා හිතුවා.."
 
"ඊයේ උදේ මම වෙනදා වගේ වත්තේ වැඩ කළා. වත්ත සුද්ද කරලා කොළ රොඩු සේරම අරගෙන ගිහින් අර වලේ කරුණාවතීගේ මිනියේ කෑලි උඩට දැම්මා. ගේ සුද්ද කරලා ගෙයි තිබුණ ප්ලාස්ටික් කෑලි වැඩකට නැති දේවලුත් අර වලට දාලා කුස්සියේ තිබුණු ලාම්පුතෙල් බෝතලය අරගෙන වල ළඟට ගියා.."
 
"හරියටම දවල් දොළහට ලාම්පුතෙල් බෝතලෙන් බාගයක් දාලා කුණු ගොඩට ගිනි තිබ්බා.."
 
"එදා හවස හතර විතර වෙනකම් කුණු රොඩු දාදා මිනියේ කෑලි පිච්චුවා.."
 
ලයනල් සියල්ල එලෙස විස්තර හෙළි කළා. කරුණාවතී ඝාතනය සඳහා යොදාගත් පිහිය හා පොරොව ද සොයා ගත් අතර එම අවස්ථාවේ ඔහු හැඳ සිටි සරම ඇඳේ දමා තිබියදී පොලිසිය භාරයට ගත්තා. කරුණාවතීගේ සිරුර ගිනි තැබීම සඳහා යෙදූ ලාම්පුතෙල් බෝතලයේ ඉතිරි කොටස මුළුතැන්ගෙයි මුල්ලක සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. මාස තුනක අනියම් ඇසුර අවසානයේ ලයනල් සපිරිගෙට ගියේ එලෙසයි.
 
බොහෝ බිහිසුණු අවසානයකට මුහුණ දීමට කරුණාවතීට සිදු වූයේත්, ලයනල්ට මැදි වයසේ සිරගත වීමට සිදුවූයෙත් ආශා පසුපස ලුහුබැඳ යාමත්, සැකයත් නිසයි.
 
- තක්ෂිලා ජයසේකර
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top