මුදල් ඔට්ටුවට කැට ගැසීමේ නිරත වූ කාන්තාවන් ඇතුලත් සූදුපොලක් පාදුක්ක පොලිසිය වටලා තිබෙනවා.
එම වැටලීමෙන් කාන්තාවන් 08 දෙනෙක් සහ පිරිමින් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කලක සිට මෙම සූදුපොල පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක තිබී ඇති බව සඳහන්.
එසේම පොලිසිය කිහිපවරක් වැටලීමට ගිය ද පාර දෙපස සිටි තැරව්කාරුවන් නිසා සූදුපොල අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
මෙම සූදුපොලේ සූදු සෙල්ලම් කිරීම සඳහා අතුරුගිරිය, හෝමාගම, ඉංගිරිය, ගෝනපල සහ කපුගල යන ප්‍රදේශවලින් පිරිස් පැමිණ ඇති බව පොලිසිය පවසනවා.
මෙම සූදුපොලේ රුපියල් ලක්ෂයේ ඔට්ටු අල්ලන බවත්, වටලන අවස්ථාවේදීත් විශාල මුදලක් ඔවුන් සන්තකව තිබූ බවත්, සඳහන්.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අද (15) හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.