ඒ, තැබෑරුම අසල පිහිටි ‘බයිට්’ අලෙවිසැලක හිමිකාරිනියකට තරුණයෙකු විසින් අමානුෂික ලෙස හෙල්මට් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් හේතුවෙනුයි.
පොලිසිය පවසන පරිදි, මෙම ගැටුමට මුල් වී ඇත්තේ අදාළ වෙළෙඳසැලේ හිමිකරුගෙන් ලබාගත් මුදලක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක්. බහින්බස් වීම දුරදිග ගොස් කෝපයට පත් තරුණයා, තම අත රැඳි හෙල්මටයෙන් වෙළෙඳසැලේ සිටි කාන්තාවට දරුණු ලෙස පහර දී තිබෙනවා.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ වෙළෙඳසැලේ හිමිකාරිනිය වහාම කහවත්ත මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබෙනවා. මේ වන විට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පහරදීම සිදු කළ තරුණයා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රක්වාන පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.