නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නා විනූට අද දවස ඉතාමත් විශේෂ දවසක්. ඒ, ඇගේ ජීවිතයේ වීරයා වන ආදරණීය තාත්තාගේ උපන්දිනය අදට (13) යෙදී තිබීමයි.
මේ සුවිශේෂී මොහොත වෙනුවෙන් විනූ ඇගේ මුහුණු පොතට හදවතට දැනෙන සටහනක් එක් කර තිබුණා. එහි ඇය පවසා සිටින්නේ තමන් කුඩා කාලයේදී කිසිදු අඩුපාඩුවක් නොකර ආදරය ලබාදී තමන්ව රැකබලාගත් තාත්තා වෙනුවෙන්, දැන් දියණියක ලෙස සියලු වගකීම් ඉටුකිරීම තමන්ගේ ලොකුම සතුට බවයි.
ඇය තැබූ සම්පූර්ණ සටහන මෙන්න:
"Happy Birthday Thaththa❤️. අපි පුංචි කාලේ අපි ආස කරන හැමදේම අරන් දීලා, අඩු පාඩුවක් නොකර ආදරේ ලබා දීලා අපිව බලාගත්තා වගේම, ඒ වගකීම් දැන් අම්මා, තත්තා වෙනුවෙන් ඉටු කරන එක තමයි මගේ සතුට. ඉතිං මට පුළුවන් උපරිමයෙන් හැමදාමත් බලාගන්නම්. නිරෝගීව, සතුටින් ඉන්න තාත්තා. ආදරෙයි. සුබ උපන්දිනයක්!"
මෙම සටහනත් සමඟ විනූ තම තාත්තාගේ උපන්දිනය සමරන ඉතාමත් ආදරණීය ඡායාරූප කිහිපයක්ද ප්‍රසිද්ධ කර තිබෙනවා.ඔයාලත් බලන්නකෝ ඒ පින්තුර එකතුව කොහොමද කියලා....
