හැබැයි මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ නම් ඇඟ කිලිපොලා යන කතාවක්. තමන් යුද හමුදා සෙබළෙකු බව පවසමින් තරුණියක රවටා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය විවාහක පුද්ගලයෙකු, පිස්තෝලයක් පෙන්වා එම තරුණිය පැහැර ගැනීමට තැත් කිරීමේදී පොලිස් දැලට හසුව තිබෙනවා.
මීට වසර තුනකට පෙර මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නා මොහු, තමන් හමුදා සෙබළෙක් බව පවසා ඇයව රවටා තිබෙනවා. හැබැයි කලක් යද්දී මේ ‘පෙම්වතා’ එක්දරු පියෙකු බවත්, ඔහු විවාහකයෙකු බවත් රහස හෙළි වුණා.
මේ රහස දැනගත් සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ, තරුණියගේ නිවසටම ගොස් විවාහ සහතිකය පෙන්වා මේ සම්බන්ධයට විරෝධය පළ කර තිබෙනවා. ඉන්පසුව තරුණියගේ දෙමව්පියන් මේ ඇසුරට තහංචි දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
තම පෙම්වතිය තමන්ට අහිමි වන බව දැනගත් සැකකරු, ඉකුත් 8 වැනිදා උදෑසන මෝටර් රථයකින් තවත් මිතුරෙකු සමඟ තරුණියගේ නිවසට කඩා වැදී තිබෙනවා. එහිදී පිස්තෝලයක් පෙන්වා තරුණියව බලහත්කාරයෙන් පැහැර ගැනීමට උත්සාහ කර ඇති අතර, තරුණියගේ ඥාතීන් දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා සැකකරුවන් දෙදෙනා මෝටර් රථයෙන් පලා ගොස් තිබෙනවා.
මත්තේගොඩ පොලිසිය විමර්ශන පවත්වන අතරතුර, සැකකාර 30 හැවිරිදි පෙම්වතා සහ ඔහුගේ 25 හැවිරිදි මිතුරා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ භාර වී තිබෙනවා.
පොලිසිය විසින් සිදුකළ පරීක්ෂාවේදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වුණා...
පැහැර ගැනීමට පැමිණි මෝටර් රථය පොලිස් භාරයට ගැනුණා.
බිය වැද්දීමට පාවිච්චි කළේ සැබෑ පිස්තෝලයක් නොව සෙල්ලම් පිස්තෝලයක් බව හෙළි වුණා.
සැකකරු හමුදා සෙබළෙකු බව පැවසීම පට්ටපල් බොරුවක් බවත් තහවුරු වුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (13) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා තමයි ආරංචි වෙන්නේ...