දන්සලට එන මිනිස්සුන්ගේ මුහුණවල් සතුටින් පිරිලා. වලං ගන්න දිග පෝලිම්..
ඒ සල්ලි අතට ලැබුණට පස්සේ මෙහෙම දෙයක් සිද්ධ වුණා කියන දේ ඇත්තටම සතුටට හේතුවක්. මේ පෝයට ඒ පවුලම එකතු වෙලා, මොනරාගල ජනතාවට වලං දන්සලක් දීලා තියනවා.
මතකද අලුත් අවුරුද්දට මොනරාගල ටවුන් එකේ වලං විකුණලා ප්‍රශ්නයකට ලක්වුණ ඒ අසරණ පවුල..?
ඒ වෙලාවේ ඒ දුක දැකපු හොඳ හිතක් තියෙන මහත්තයෙක්, වලංවල වටිනාකමට සරිලන ලෙස ලක්ෂ 3කින් උදව් උපකාර කරලා තිබුණා.
“කාලේකට කලින් තමන්ගේ කරමාලෙ උගස් කරලා බිස්නස් එක පටන් ගත්ත ඒ අයට අද මොන තරම් නම් සතුටු ඇතිද..?
මේක තමයි සැබෑ පොහොයේ අර්ථය. මිනිස්සු හැමදාම එකම තැන ඉන්නෙ නැ, දියුණු වෙනවා කියන එකට මේක හොද උදාහරණයක්.