Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
01
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් කැපවෙමු... ජනපතිගෙන් කම්කරු දින ආරාධනයක්....

- "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් කැපවෙමු... ජනපතිගෙන් කම්කරු දින ආරාධනයක්....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82 Views

ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කරගනිමින් සිටින තීරණාත්මක මොහොතක, මෙරට වැඩ කරන ජනතාව මෙවර මැයි දිනය සමරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.


2026 ලෝක කම්කරු දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ රට ගොඩනැගීමේ ගාමක බලවේගය වැඩ කරන ජනතාව බවයි.

2025 වසරේදී 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීමටත්, 2007 වසරෙන් පසු වැඩිම රාජ්‍ය ආදායම සහ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමටත් රජය සමත් වූ බව ජනපතිවරයා පවසනවා.

භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවා ඇති අතර, මෙරට ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ගලා ආ වසර ලෙස මෙය සනිටුහන් වන බවයි ඔහු පවසන්නේ.

දිට්වා (Ditwa) සුළි කුණාටුව, මැදපෙරදිග යුදමය තත්ත්වයන් සහ ඇමරිකානු තීරුබදු වැනි අභියෝග හමුවේ වුවද, නොබැඳි විදේශ පිළිවෙත මත පිහිටා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කළ බව ජනාධිපතිවරයා පවසනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමටත්, වතු කම්කරු වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමටත් පියවර ගෙන ඇති අතර 2016 ජනවාරි 01 දිනෙන් පසු සේවයට එක් වූ රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීමට රජය කටයුතු කර තිබෙන බවද සඳහන් කරනවා.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම සහ කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය කිරීම හරහා ශ්‍රම වටිනාකම ඉහළ නංවා ඇති බවද පවසනවා.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ගොවි, ධීවර සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම වන්දි මුදල ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට "Rebuilding Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා සිහිපත් කරන්නේ.

ඩිජිටල් ආර්ථිකය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැනි වැඩසටහන් හරහා "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ගොඩනැගීමේ සාමුහික ප්‍රයත්නයට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top