"ලෝකේ තවමත් මනුස්සකම ඉතිරි වෙලා තියෙන්නේ මේ වගේ දරුවෝ නිසා වෙන්න ඇති" කියලා හිතෙන තරමට මේ දර්ශන පෙළ ඕනෑම කෙනෙක්ගේ හදවත උණු කරනවා.
නාග විහාරයේ බුදු පිළිමය ළඟට එකපාරටම පොඩි දරුවෝ දෙන්නෙක් දුවගෙන එනවා. මේ දරුවෝ දෙන්නා හිටියේ හරිම කලබලෙන්. බලද්දී ඔවුන්ගේ අතේ හිටියේ පණ නැති වේගෙන යන, අඩපණ වුණු පුංචි ලේන් පැටියෙක්.
මේ අහිංසක දරුවෝ දෙන්නා අර ලේන් පැටියාව බුදු හාමුදුරුවන්ගේ පාමුලින් තිබ්බා. පස්සේ දෑත් එකතු කරලා වැඳලා, "අනේ බුදු හාමුදුරුවනේ.. මේ ලේන් පැටියාට පණ දෙන්න" කියලා හරිම හැඟුම්බරව ඉල්ලන්න පටන් ගත්තා.
එතනින් නතර වුණේ නැහැ, එක පොඩිත්තෙක් ඒ ලේන් පැටියාට කෘතිමව හුස්ම දෙන්නත් (CPR) උත්සාහ කරනවා අපට දකින්න ලැබුණා. ඒ දරුවගේ හිතේ තිබුණු අවංකකම කොච්චරද කියලා ඒකෙන්ම පේනවා.
ඊට පස්සේ වුණේ කවුරුත් නොහිතපු දෙයක්. එතකන් කිසිම හෙලවීමක් නැතුව හිටපු ලේන් පැටියා, ටික වෙලාවකින් හෙමින් හෙමින් හෙලවෙන්න පටන් ගත්තා. පස්සේ බුදු හාමුදුරුවන්ගේ පාමුලම ලේන් පැටියා ඇවිදින්නත් පටන් ගත්තා.
මේක ඒ දරුවන්ගේ අසීමිත විශ්වාසයද? නැත්නම් ඒ පුංචි හිත් වල තියෙන පිං බලයද? ඒක ඉතින් බලන ඔබම තීරණය කරන්න. මොනවා වුණත් මේ දරුවෝ දෙන්නා මුළු ලෝකයටම දුන්නේ ලොකු ආදර්ශයක්.

සමාජ මාධ්‍ය ඇසුරෙන්