කවුද එතකොට මේ නිවුන් අධ්‍යාත්මික සහකරුවන් කියන්නේ ,ඇරිස්ටෝටල්ට අනුව එකම ආත්මයක් ඒ කියන්නේ soul එකක් ශරීරයන් දෙකක්(ගැහැනු හා පිරිමි ) තුල හමුවිමයි.ඒ කියන්නේ සමාන ගතිගුණ ,සමාන සිතුවිලි ,සමාන අරමුණු තිබිමයි.
ප්ලේටෝට අනුව මිනිසකුගේ ජිවිතේ විශිෂ්ට ම ශක්තිය මෙය වේ .එනම් අධ්‍යාත්මික ශක්තිය දියුණු විමත් සමග සිදු වේ.
සරලව කියනවා නම් ඔයා කණ්නාඩිය ඉස්සරට ගියාම ඔයා දකින ප්‍රතිබිම්බය වගේ කෙනෙක් ඔයාට මුණ ගැසිමයි.තවත් සරලව කියනවා නම් mirror soul එක මුණ ගැසිමයි.
මෙය බෝහෝ විට භාවනා වැනි ක්‍රම මගින් මනස දියුණු කිරිම තුලින් හෝ උපදින විට පවතින අධ්‍යාත්මික ශක්තිය දියුණු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස twine flame මුණ ගැසේ.
නිවුන් අධ්‍යාත්මික සහකරු පිලිබද මත හා පොදු කරුණු
1.බොහෝ දෙන කුණ්ඩලිණි ශක්තිය අවදි වෙන කොට අධ්‍යාත්මික සහකරු මුණ ගැසෙන බවටද මතයක් පවති.
2.තවත් තිබෙන මතය වන්නේ ජීවන සහකරු ගැන එක දිගටම manifest කරනකොට නිවුන් අධ්‍යාත්මික සහකරු හමු වන බවයි.
3.නිවුන් අධ්‍යාත්මික සහකරුවන් පිලිබද තිබෙන තවත් මතයක් නම් මුණ ගැසිමට තිබෙන භුගෝලිය දුශ්කරතාවය.උදාහරණයක් විදිහට සහකාරිය අම්පාරත් සහකරු කොළඹ සිටිම.
4.ජිවිතේ ගතකිරීමට සුදුසු ම සහකරුවන් ලෙස නිවුන් අධ්‍යාත්මික සහකරුවන් හදුන්වයි.එනම් ජිවිතේ තේරුම් ගැනිම්,අරමුණු ආදි සියල්ල සමාන විම.
5.නිවුන් අධ්‍යාත්මික සහකරුවන් බොහෝ දෙනා chaser (ලුහුබදින්නා) හා runner (දුවන්නා) ලෙස වර්ග කරයි
නිවුන් අධ්‍යාත්මික සහකරුවන් මුණ ගැසෙන විට දැනෙන ආකාරය හා විශ්වයෙන් ලැබෙන පණිවිඩ
1.ඉක්මනින් එකිනෙකා හදුනා ගැනිම
ඒ කියන්නේ සරලව ගොඩක් ඉදලා දන්නා කෙනෙක් බව හැගිම.බොහෝ අයට මේ තමා මගේ ජීවන සහකරු /සහකාරිය එහෙම නැත්නම් ජීවිතේ ට ගැලපෙනම කෙනා ලෙස දැනිම
2. 1111 හෝ repeating numbers දැකිම
1111 දැකිමයනු විශ්ව ශක්තිය ලැබිමේ ප්‍රධාන පණිවිඩය වේ.2222,111,777,1212,1010 ලෙස විවිධාකාර අංක දැකිම ප්‍රධාන පණිවිඩය වේ.නිවුන් අධ්‍යාත්මික සහකරුවන් හමු වු පසු දෙදෙනාම එක දිගටම 1111ඇතුලු සංඛ්‍යා රටා දකි.සමහර වේලාවට නිවුන් අධ්‍යාත්මික සහකරුවන් අතර පණිවිඩ හුවමාරු සිදු විමේදි ,සිතිමේදී reapeting numbers නිතරම දැකිම.උදාහරණයක් විදිහට 1.11 වේලාවට නිවුන් අධ්‍යාත්මික සහකරුවන් අතර දුරකථන ඇමතුමක් පැමිණිම.
3.සමාන ගතිගුණ ,සමාන අරමුණු තිබිම
එනම් දෙදෙනාගේම සමාන ගති ලක්ෂණ,ගතිගුණ තිබිම.විශේෂයෙන් සමාන ජීවන අරමුණක් තිබිම.උදාහරණයක් විදිහට සසර ගමන කෙලවර නිර්වාණය වගේ.
4.විවිධාකාර වු සලකුණු දැකිම
උදාහරණයක් විදිහට හංස ජෝඩු,ආදරණිය විදිහට සිටින සතුන් හා පෙම්වතුන් දැකිම.දේදුනු දැකිමත් මේ අතර වේ(පුද්ගලය අත්දැකීම් අනුව වෙනස් වේ)
5.දැඩි විශ්වාස ,දැඩි මිත්‍රත්වය
නිවුන් අධ්‍යාත්මික සහකරුවන් අතර වෙනත් පුද්ගලයන් දෙදෙනෙකුට දැඩි විශ්වාස ,මිත්‍රත්වය පවති.සරලව රහස් නොපවති.කිසිදු දිනෙක කිසිදු පුද්ගලයකු පිලිබද ඇති නොවු විශ්වාසයක් පවති.
6 තේරුම් ගැනිමේ හැකියාව
එනම් දෙදෙනාගේම හැගිම් ,සිතුවිලි කතා නොකර සිටින අවස්ථාවක වුවද දැනිම
7 අතීත සිදුවිමි ,අත්දැකීම් සමාන විම
පාසල් වියේ හෝ ජිවිතේ ලැබු අත්දැකීම් හා කාල සීමාව සමාන විම
උදාහරණයක් විදිහට දෙදෙනාම පාසල් වියේ පිහිනුම් සිදු කර තිබිම
අධ්‍යාත්මික වශයෙන් අවදි වෙමින් පවතින මේ යුගයේ බොහෝ අධ්‍යාත්මික මාර්ගයේ යන පිරිසට නිවුන් අධ්‍යාත්මික සහකරුවන් හමු වේ.නමුත් සමහර වේලාවට හදුනා ගැනිමට අපොහොසත් වේ.
8. නිවුන් අධ්‍යාත්මික සහකරුවන් මුණගැසුනු පසු තමා වෙනදාට වඩා තමාට ආදරේ කරයි.joy ,happiness ,inner peace මේ අතර වේ.
(නිවුන් අධ්‍යාත්මික සහකරුවන් පිලිබද මේ ලිපියේ සදහන් කරන්නේ අන්තර් ජාලයෙන් උපුටා ගත් බොහෝ දෙනාගේ මතයන් බව කාරුණික ව සලකන්න .
ඒ මෙන්ම පුද්ගල මත හා පෞද්ගලික අත්දැකීම් අනුව වෙනස් වන බව සලකන්න .)
නිවුන් අධ්‍යාත්මික සහකරුවන් ගැන කතා කිරිමේදී බෝහෝ කරුණු ,විස්තර කතා කිරිමට තිබේ.එය ගැඹුරු මාතෘකාවක්.ඒ මෙන්ම ආකර්ෂණීය මාතෘකාවක් . ඉදිරියට මං ඉගෙන ගන්නා කරුණු තුලින් මේ පිලිබද ව ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා .
ස්තුතියි
ඔබට ජය
ලිපි නිර්මාණය -නවාංජා ප්‍රනාන්දු -