කාලයක් තිස්සේ පුංචි තිරය හැඩකරපු ඇය, අද වෙද්දිත් ප්‍රේක්ෂක හිත් දිනාගෙන ඉන්නේ ඇයගේ තියෙන මේ ආදරණීය ගතිගුණ නිසයි.
ඉතින්, අද අපි ලෝචනා ගැන කතා කරන්න විශේෂම හේතුවක් තියෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ඇය ඇයගේ මුහුණු පොතට එකතු කරලා තිබුණු අලුත්ම, හරිම ආකර්ෂණීය පින්තූර එකතුවක් නිසයි.
මෙවර ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇය වෙනස්ම විදිහක, හරිම ලස්සන 'ෆොටෝ ෂූට්' එකක් කරලා තිබුණා. දකින ඕනෑම කෙනෙකුගේ නෙත් සිත් මොහොතකට නතර කරවන සුළු මේ අපූර්ව පින්තූර පෙළත් එක්ක, ඇය ඇගේ හදවතේ උපන් ආදරණීය වගේම ගැඹුරු සටහනකුත් මේ විදිහට තබන්න අමතක කරලා තිබුණේ නැහැ...
"මට සුභ උපන්දිනයක්! මේ වසරේදී මට වර්ධනය වීමට සහ දියුණු වීමට ලැබුණු සියලුම අවස්ථාවන් ගැන මම ස්තූතිවන්ත වෙනවා. මට වැසුණු සෑම දොරක් ගැනම මම කෘතඥ වෙනවා, මොකද ඒක මට ගැලපෙන නිවැරදි මාර්ගය නෙවෙයි. එළඹෙන වසරේදී මම කාර්යබහුලත්වය අතරින් මටම කියා කාලයක් වෙන් කරගෙන, මගේ මනස නිශ්ශබ්ද කරගන්නවා. මම කවුද සහ මට කවුරුන් වෙන්නද අවශ්‍ය කියලා මම මෙනෙහි කරනවා. මම මාවම සොයාගන්නවා.."
ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර එකතුව කොහොමද කියලා...
