මින්නේරිය, කොතලාවල ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.
එහි සිටි කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිසට එම මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය මෙහෙයවූ කාන්තාව ද ඇතුළත්.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 20ත් 35 යන වයස්වල පසුවන්නන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම කාන්තාවන් ජා ඇල, අනුරාධපුර, මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මින්නේරිය පොලීසිය විසින් ක්‍රියාත්මකයි.