හැබැයි බය වෙන්න එපා. 2026 වර්ෂයේ පළමු මාස 06 ඇතුළත වත්මන් ජල ගාස්තු කිසිම වෙනසක් කරන්නේ නැහැ කියලා අමාත්‍ය මණ්ඩලය තීරණය කරලා තියෙනවා.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා දාපු සුපිරි යෝජනාවකට කැබිනට් මණ්ඩලයෙන් ග්‍රීන් ලයිට් එක ලැබිලයි තියෙන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ මැද වෙනකම්ම ජල බිල ගැන ලොකුවට වද වෙන්න ඕනේ නැහැ.
ඇත්තටම කිව්වොත්, 2024 ජූලි මාසේ දාපු ජල ගාස්තු සූත්‍රය හැටියට හැම මාස 6කට සැරයක්ම පිරිවැය බලලා ගාස්තු වෙනස් කරන්න ඕනේ. හැබැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2025 අවුරුද්දේ මුල්‍ය වාර්තා ටික අරන් පොඩි ඇනලයිස් එකක් කරලා බලද්දී තේරිලා තියෙනවා දැන් තියෙන ගාස්තු මට්ටමෙන්ම එයාලගේ ඔක්කොම වියදම් ටික ෂේප් එකේ කවර් කරගන්න පුළුවන් කියලා!
ඉතින් පාඩුවක් වෙන්නෙත් නැති නිසා, ජනතාවටත් බරක් නොදී මේ මාස 6 ඇතුළත වතුර ඒකකයක මිල වැඩි නොකර ඉන්න ජල සම්පාදන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරලා තියෙනවා.
"ලැබුණු සහනයෙන් ප්‍රයෝජන අරන් වතුර නාස්ති කරන්න නම් ලෑස්ති වෙන්න එපා ඉතින්! මොකද මේක වලංගු වෙන්නේ මේ අවුරුද්දේ පළමු මාස 6ට විතරයි. ඊට පස්සේ ආයෙත් සූත්‍රය ක්‍රියාත්මක වුණොත් බිල මොනවා වෙයිද දන්නේ නෑනේ? ඒ නිසා පරිස්සමෙන් වතුර පාවිච්චි කරමු!