දුම්රියක් ධාවනය වෙද්දී එය එක් පීල්ලක සිට තවත් පීල්ලකට මාරු කරන අතිශය තීරණාත්මක කොටසක් වන 'මෝටර් පොයින්ට් එකේ රොඩ් එක' (Motor Point Rod) ගැලවීම හේතුවෙනුයි මෙම බිහිසුණු අනතුර සිදු වී තිබෙන්නේ.
ඇසූ සැනින් ලේ රත් වන කරුණ නම්, දුම්රිය මගීන් සිය ගණනකගේ ජීවිත අනතුරේ හෙළමින්, රජයට අතිවිශාල දේපළ හානියක් සිදු කරමින් මෙම විනාශය කර ඇත්තේ කුඩු උවදුරට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වීමයි...
තමන්ගේ මත්ද්‍රව්‍ය මාත්‍රාව සපයා ගැනීම වෙනුවෙන් පොදු දේපළ මංකොල්ලකෑමට හුරු වූ මෙම සැකකරු, අද පාන්දර දුම්රිය මාර්ගයේ තිබූ මෙම වටිනා යකඩ කොටස ගලවාගෙන ගොස් තිබෙනවා. එලෙස ගලවාගත් රොඩ් එක අසල පිහිටි යකඩ බඩු කඩයකට විකුණා මුදල් කර ගැනීමටත් ඔහු ඒ වන විටත් කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ පොලිසිය අනතුර සිදු වූ ස්ථානය අවට පරීක්ෂා කිරීමේදී, අසල තිබූ වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක මෙම පුද්ගලයාගේ සොරකම ඉතා පැහැදිලිව සටහන් වී තිබෙනවා. ඒ ඔස්සේ සිදුකළ මෙහෙයුමකින් මේ වන විට සැකකරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අත්අඩංගුවට ගත්තද, සිදුවීමට තිබූ මහා විනාශය වැළැක්වීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. මේ වන විටත් මෙම අනතුර හේතුවෙන් අහිංසක දුම්රිය මගීන් 10 දෙනෙකු පමණ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.