මේ කියන්නේ ඉතාලි පොලිස් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළූ භාග්‍යා සෝලංගආරච්චි ගැනයි.
ඉතාලියේ ප්‍රබලතම සහ ගෞරවනීය බලකායක් වන 'කැරිබිනේරි' (Carabinieri) පොලිස් සේවයේ ස්ථානාධිපති (OIC) ධුරයට පත්වෙන්න ඇය සමත්වෙලා තියෙන්නේ මුළු මහත් ලංකාවටම ආඩම්බරයක් වෙමින්.
වයස අවුරුදු 23ක් වන භාග්‍යා, ඉතාලි පොලිස් බලකායක මෙවැනි ඉහළ තනතුරකට පත්වුණු ප්‍රථම ශ්‍රී ලාංකික තරුණියයි. භාග්‍යාගේ මව්පියන් මුලින්ම වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිට පසුව 1982 වසරේදී රැකියා සඳහා ඉතාලියට සංක්‍රමණය වූ අයයි. අද ඔවුන් මිලානෝ නුවර පදිංචිව සිටිනවා.
භාග්‍යා කියන්නේ නිකම්ම පොලිස් නිලධාරිනියක් නෙවෙයි. ඇය වාණිජවේදී උපාධිධාරිනියක් වගේම සිංහල, ඉංග්‍රීසි සහ ඉතාලි ඇතුළු භාෂා කිහිපයක්ම චතුර ලෙස හසුරුවන්න පුළුවන් දක්ෂ තරුණියක්.
බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් තවත් කරුණක් වන්නේ ඇය සතු පෞරුෂයයි. අඩි හයක් පමණ උසැති දේහධාරී පෙනුමකින් යුත් භාග්‍යා, පිරිමින්ට පවා අපහසු අතිශය දුෂ්කර "මිලිටරි" යුද පුහුණුවීම් ඉතාමත් සාර්ථකව අවසන් කර තිබෙනවා.
පොලිස් සේවයට ඇතුළත් වෙන්න පවත්වන බුද්ධි පරීක්ෂණ සහ විභාග වලින් ඉහළම ලකුණු ලබාගත් නිසාම, ඇයගේ දක්ෂතාවයට උපහාරයක් ලෙස පුහුණුව අවසන් වූ සැණින්ම ඇයව ස්ථානාධිපතිනියක් ලෙස පත් කිරීමට ඉතාලි බලධාරීන් තීරණය කර තිබෙනවා.