ඒ සාමාන්‍ය කෙනෙකුට හීනෙකින්වත් හිතන්න බැරි තරම් වටිනා, රුපියල් ලක්ෂ හතකට අධික මිලක් වෙන ‘මැකෝ’ වර්ගයේ දුර්ලභ ගිරවෙක් අලුයම් කාලයේදී සොරකම් කරගෙන යාමත් සමඟයි.
මෙම අමුතු සොරකම සිදුව ඇත්තේ අලුත්ගම පොලිස් වසමට අයත් පාදාගොඩ, යක්වත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසකයි.
මේ කියන ව්‍යාපාරිකයා තමන්ගේ නිවෙස් පරිශ්‍රයේ ඉතාමත් ආසාවෙන්, ආදරයෙන් ඇතිදැඩි කරපු මැකෝ වර්ගයේ මිල අධික ගිරවුන් දෙදෙනෙක් විශේෂයෙන් සකස් කරපු කූඩුවක දමා ආරක්ෂා කර තිබෙනවා.
නමුත් අද (17) අලුයම් කාලයේදී කාටත් හොරෙන් මේ නිවාස පරිශ්‍රයට ඇතුළු වුණු නන්නාඳුනන තරුණයින් දෙදෙනෙක්, කුරුළු කූඩුව බලහත්කාරයෙන් කඩා බිඳ දමා තිබෙනවා. පුදුමයට කරුණ නම්, එහි සිටි ගිරවුන් දෙදෙනාගෙන් එක් ගිරවෙකු පමණක් ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස අල්ලාගෙන පලාගොස් තිබීමයි.
හොරකම කරපු තරුණයින් දෙදෙනා හිතන්න නැතුව ඇති මුළු නිවසම ආරක්ෂක කැමරාවලින් වටවෙලා තියෙන්නේ කියලා. ඔවුන් ඉතාමත් සන්සුන්ව නිවසට ඇතුළු වී, කූඩුව කඩා ගිරවාව සොරකම් කරගෙන යන ආකාරය එම නිවසේ සවිකර තිබූ ආරක්ෂක (CCTV) කැමරාවල ඉතාමත් පැහැදිලිව පටිගත වී තිබෙනවා.
මේ වන විට අලුත්ගම පොලිසිය විසින් මෙම CCTV දර්ශන සිය භාරයට ගෙන ඇති අතර, ඒ ඔස්සේ සැකකාර තරුණයින් දෙදෙනා කවුදැයි හඳුනා ගැනීමටත්, අතුරුදන් වූ ලක්ෂ 7ක් වටිනා මැකෝ ගිරවා වහාම සොයා ගැනීමටත් පුළුල් විමර්ශන පටන් ගෙන තිබෙනවා.
ලක්ෂ ගණන් වටිනා සතුන් ඇති කරන අය මේ දිනවල තමන්ගේ සතුන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න වෙන බව නම් මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා