දකුණු ඉන්දිය සිනමාවේ, සිටින කඩවසම් නළුවෙකු ලෙස හඳුන්වන ආර්යා තමන් විවාහ කරගන්නා බවට පවසා මුදල් වංචාවක් සිදු කළ බව ශ්‍රී ලාංකීක තරුණියක පැමිණිල්ලක් ඉදිරිපත් කරන තිබෙනවා.
ඔහු ඉන්දියානු රුපියල් ලක්ෂ 70ක මුදලක් මෙලෙස තමන් රවටා ගෙන ඇති බවයි ඇය ඉන්දිය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ.
අදාළ පැමිණිල්ල ඔන්ලයින් මාර්ගයක් ඔස්සේ යොමු කර ඇති බව ද සඳහන්.
ආර්යා රංගන ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේදී මුදල් අපහසුතාවයෙන් සිටි අවස්ථාවකදී ඇයගෙන් මෙම මුදල ඉල්ලාගෙන ඇති බව සඳහන්.
මේ අතර ඔහු තමන්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වූ බවත්, මේ වනවිට එය කඩ කර වෙනත්, නිළියක හා විවාහ වී ඇති බවයි ඇය අවධාරණය කළේ.
ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ, මෙම තරුණිය, මේ වනවිට ජර්මනියේ පදිංචිව සිටින බවයි.