මාවනැල්ල, මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරීයක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොරෝනා ආසාදනයවීමෙන් ඇය මෙලෙස මිය ගිය බවයි, රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
නුවර හෙද විදුහලේ අධ්‍යාපනය ලැබු ඇය 98 කණ්ඩායමේ නිලධාරීනියක වන බව ද සඳහන්.
ප්‍රියන්ති රම්‍යා කුමාරි විතානගේ නමැති ඇය මාවනැල්ල රෝහලෙහි සේවයට එක්ව ඇත්තේ, 2001 දීයි.
ගර්භණී හෙද නිලධාරීන් වෙනුවෙන් ඇය අතිමහත් කැපවී කටයුතු කළ ද බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
කොරෝනා ආසාදනයවී මිය ගිය පළමු හෙද නිලධාරීනිය වන්නේ ද ප්‍රියන්ති රම්‍යා කුමාරි විතානගේ යි.