මෙලෙස අකාලයේ දිවියෙන් සමුගෙන ඇත්තේ වයස අවුරුදු 17ක පමණ පසු වූ, දඟකාර මෙන්ම සුන්දර තරුණයෙක්.
ඔහුගේ මෙම හදිසි තීරණයට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර, මෙම හදිසි මරණය හේතුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් මෙන්ම සමීපතම මිතුරන්ද දැඩි සේ කම්පනයට පත්ව තිබෙනවා. ලකිඳුගේ සමුගැනීම දරාගත නොහැකිව ඔහුගේ සමීපතමයින් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ අතිශය සංවේදී සටහන් කිහිපයක් පහතින්,
"අනේ මගේ පොඩී මල්ලි... ඉපදෙන කිසිම ආත්මෙක දුක් විඳින ජීවිතයක් ලැබෙන්නෙ නැතුව ඉන්න ලැබෙන්න ඕනි... නිවන් සුව පොඩී මගේම මල්ලි වෙලා ඉපදෙනවා... අපි හරි ආදරෙයි උඹට. හිතේ දැනුන ඒ දුක ආයේ කවදාවත් ඔයාට නොලැබෙන්න ඕනි පැටියෝ.... සමහර විට ඔයා දුක් විඳලා ඉවර ඇති පණ......"
ලකිඳුගේ සමීපතම මිතුරෙකු මෙන්ම සොහොයුරෙකු බඳු වූ, හැමදාම හවසට ඔහුවත් සමඟ ත්‍රීරෝද රථයෙන් වටයක් යන්නට පුරුදුව සිටි තිනූ (තිනුවා) නමැති තරුණයා තම සොහොයුරාගේ සමුගැනීම ගැන ලියා තිබුණේ දෙනෙතට කඳුළු උනන ආකාරයෙනි.
"ලකිඳු මල්ලි මොකද්ද ඕයි මේ කරගත්තෙ? මට ආරංචිය ආපු ගමන් ඇඟත් පණ නැති වුණා ඕයි. උඹ මට යාළුවෙක් නෙමේ උඹ මට මගෙම මල්ලි වගේ බන්. උඹට මෙහෙම දෙයක් කරගන්න තරම් හේතුව මොකද්ද බන්? උඹේ හැම දෙයක්ම මට කිව්වා. ගෙදර හිටියොත් දවසින් වැඩි වෙලාවක් අපි දෙන්න ඉන්නෙ එකට. උඹට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් ඇයි බන් මේ තිනූ අයියට කියන්න බැරි වුණේ?
දැන් හැන්දෑවට පාර පැත්තට ඇවිල්ලා 'රවුමක් ගහන්න යං බන්' කියලා මං කාටද රත්තරං කියන්නෙ? මට උඹත් එක්ක ඊයේ වචනයක් කතා කරන්න බැරි වෙච්ච එකට මට ජීවිත කාලෙටම පසුතැවෙන්න වෙයි මැණික... උඹට නිවන් සුව කියන්න තරම් මගේ හිත හයිය නෑ රත්තරං. මැරෙනකම් උඹට මගේ හිතේ තිබ්බ තැන කාටවත් ගන්න බැරි වෙයි බන්. ඊළඟ ආත්මෙදි මගේම සහෝදරයා වෙලා ඉපදියන් පණ...
ආයෙ මට ඌත් එක්ක ඔයාලගෙ ගේ ගාවට එන්න වෙන්නෙ නෑ..."