ඒ, මීට පෙර ලෝකයම බිලිගත් ‘ඉබෝලා’ වෛරසයේ අතිශය භයානක ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) කියන නව ප්‍රභේදය ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය සහ උගන්ඩාව තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගැනීමත් එක්කයි.
තත්ත්වය කොච්චර දරුණුද කියනවා නම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මීට සුළු මොහොතකට පෙර මෙය ‘ජාත්‍යන්තර අවධානයට ලක්වූ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්’ (PHEIC) විදිහට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ලැබෙන නවතම වාර්තා වෙනකොට කොංගෝවේ ඉටූරි ප්‍රාන්තයෙන් විතරක් සැකකටයුතු රෝගීන් 246ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අවාසනාවන්ත ලෙස සිදුවූ සැකකටයුතු මරණ සංඛ්‍යාව 80ක්!
වඩාත්ම බය හිතෙන දේ තමයි, මේ වෛරසය දැන් ප්‍රාන්තවලින් පිට පැනලා රටවල් දෙකේ ප්‍රධාන අගනුවරවල් කරා ගමන් කරලා තිබීම. කොංගෝවේ කින්ෂාසා අගනුවරිනුත්, උගන්ඩාවේ කම්පාලා නුවරිනුත් මේ වෙනකොට ස්ථිර වශයෙන්ම රෝගීන් හමු වෙලා තියෙනවා. රෝගීන්ට ප්‍රතිකාර කරන්න ගිය වීරෝදාර සෞඛ්‍ය සේවකයින් සිව්දෙනෙකුටත් මේ වෙනකොට ජීවිත අහිමි වෙලා තියෙන්නේ මුළු ක්ෂේත්‍රයම දැඩි කම්පනයකට පත් කරමින්.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට, මේ අලුත් ‘බුන්ඩිබුග්යෝ’ ප්‍රභේදය සඳහා තවමත් ලෝකයේ කිසිදු අනුමත එන්නතක් හෝ නිශ්චිත ඖෂධයක් සොයාගෙන නැහැ! ඒ නිසාම තත්ත්වය අසාමාන්‍ය ලෙස බරපතල වී ඇති බවයි පැවසෙන්නේ.
මේ මාරාන්තික වෛරසය පාලනය කරන්න WHO එකෙන් රටවල් දෙකටම දැඩි නියෝග මාලාවක් නිකුත් කරලා තියෙනවා. වහාම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන අරඹන්න, ආශ්‍රිතයන් සොයන්න වගේම ගුවන් තොටුපළවල් සහ දේශසීමාවලින් පිටවන අයව දැඩි පරීක්ෂාවට ලක් කරන්න කියලා එහි සඳහන් වෙනවා.
ඒ විතරක් නෙවෙයි, මේ වෛරසයෙන් මියයන අයගේ දේහයන් හරහා රෝගය පැතිරීමේ ලොකු අවදානමක් තියෙන නිසා, අවමංගල්‍ය කටයුතු පවා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට විතරක්ම කරන්න කියලා නියෝග කරලා තියෙනවා.
මේ තරම් දරුණු තත්ත්වයක් තිබුණත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයාගෙන් පුදුමාකාර ඉල්ලීමක් කරනවා. ඔවුන් කියන්නේ "බය වෙලා රටවල්වල දේශසීමා වහන්න එපා, සංචාරක සීමා පනවන්න එපා" කියලා.
එහෙම සීමා දැම්මොත් මිනිස්සු හොර පාරවල්වලින් (නීතිවිරෝධී ලෙස) රටවල් මාරු වෙන්න පටන් ගන්නා බවත්, ඒ හරහා වෛරසය මුළු ලෝකයටම හොර රහසේම පැතිරී යා හැකි බවත් WHO එක පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය තවමත් ‘ලෝක වසංගතයක්’ (Pandemic) දක්වා වර්ධනය වී නැති නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.