Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
24
"අභියෝගවලට මුහුණ දෙන්න මම ඉගෙන ගත්තේ මගෙ අම්මගෙන්.." - ආසියාවේ ­ විශි­ෂ්ට­තම ගුරු­ව­රිය වූ නිලු ආන­න්දප්පා කියයි

- "අභියෝගවලට මුහුණ දෙන්න මම ඉගෙන ගත්තේ මගෙ අම්මගෙන්.." - ආසියාවේ ­ විශි­ෂ්ට­තම ගුරු­ව­රිය වූ නිලු ආන­න්දප්පා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

"ගුරු­ව­රි­යක් වෙන්න ආස හිතුණේ අවු­රුදු 13දී.."
 
"කිසිම දරු­වෙක් වැඩ­කට නැති දරු­වෙක් නෙවෙයි. එහෙම කිය­නවා නම් ඒක ගුරු­ව­ර­යාගේ දුර්ව­ල­ක­මක්.."
 
 “වෛද්‍යවරයාට වැරදුණොත් වරද මිහිදන් වනු ඇත, නීතිඥයාට වැරදුණොත් වරද සිරගත වනු ඇත, ගුරුවරයාට වැරදුණොත් වරද සමාජගත වනු ඇත” යනුවෙන් ප්‍රකට චීන කියමනක් ඇත. එයින් පිළිබිඹු වන්නේ ගුරු වෘත්තියේ වගකීම් සහිත බවයි. ඒ වගකීම් සහිත බව මනාව වටහා ගනිමින් ගුරු වෘත්තියට අභිමානයක් එක්කරමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයටද ගෙන ගිය ඇය ගැනයි මේ 


ඇය නමින් නිලූ ආනන්දප්පාය. මීගමුව ‘නයිස්’ ජාත්‍යන්තර පාසලේ ප්‍රාථමික අංශයේ පන්තිභාර ගුරුවරියක සහ විෂයය ගුරුවරියක ලෙස කටයුතු කරන ඇය පසුගියදා ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවාය. ඒ, ආසියානු පර්යේෂණ කේන්ද්‍රය විසින් පිරිනැමූ 2020/2021 වසරේ ආසියාවේ විශිෂ්ටතම ගුරුවරියට හිමි සම්මානය සහ ගෝලීය ඩිජිටල් විශිෂ්ටතා ආයතනය මඟින් බලගැන්වෙන ගෝලීය ඩිජිටල් ගුරු විශිෂ්ටතා සම්මානයෙනි.
 
දැඩි තරගකාරී සහ අභියෝගාත්මක අවස්ථා රැසකට මුහුණ දෙමින් ඇය ලබාගත් ඒ ජයග්‍රහණ වඩා වැදගත් වන්නේ මෙතෙක් එම සම්මානවලට හිමිකම් කී පළමු ශ්‍රී ලාංකිකයා නිලූ ආනන්දප්පා වන නිසාය. අප ඇය හා කතාබහ ආරම්භ කළේ ඒ අභියෝගාත්මක ගමනේ මතක අවදි කරමිනි.
 
“ මේ තරග දෙකම වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර තරග. මම දන්න විදිහට ලංකාවේ සහභාගීත්වය ගොඩක් අඩුයි. ගෝලීය ඩිජිටල් ගුරු විශිෂ්ටතා සම්මාන තරගයේ ලින්ක් එක මට ලබාදුන් මගේ මිතුරියට මේ අවස්ථාවේදී මා ස්තුතිවන්ත වෙනවා. ඒ වෙලාවේ එයා කිව්වා “නිලූ ඔයාට මේක කරන්න අමාරු වෙයි, නමුත් තරගයට සහභාගි වීම වටින නිසා උත්සාහ කරන්න” කියලා.
 
මමත් ඒ වෙලාවේ ජයග්‍රහණය ගැන ස්ථිර විශ්වාසයකින් නෙවෙයි ඒකට ඇප්ලයි කළේ.. මුලින්ම කරන්න තිබුණේ තමන්ගේ ප්‍රොෆයිල් එකක් බුක්ලට් එකක් විදිහට ඉදිරිපත් කරන්නයි. මම පිටු 20ක බුක්ලට් එකක් හැදුවා. තරගයේ සම්බන්ධීකාරකගෙන් දැනගත් විදිහට ලංකාවේ ගුරුවරු 7 දෙනෙක් ඒ විදිහට ප්‍රොෆයිල් ඉදිරිපත් කර තිබුණත් මුල් අවස්ථාවේදීම ඒවා ප්‍රතික්ෂේප වෙලා තිබුණා. මම මගේ ප්‍රොෆයිල් එක හැදුවේ ගොඩක් අධ්‍යයනයන් කරලා වෙහෙස මහන්සිවෙලයි.
 
මගේ ප්‍රොෆයිල් එක තෝරා ගත් බව දැනුම් දුන්නට පසුව මට තරගය ජයග්‍රහණය කිරීම ගැන අලුත් බලාපොරෙත්තුවක්, විශ්වාසයක් ඇතිවුණා. ඊටපසු තවත් තරග වට 7කට මුහුණ දෙන්න මට සිදුවුණා. ඒ සියල්ල පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි. අවසන් වටයේදී මා සමඟ තරග කළේ ඇෆ්ගස්නිස්ථානයේ වයස පනස් ගාණක පසුවන ආචාර්ය උපාධියක් හිමි ගුරුවරියක්. ඒ අවස්ථාව ඇත්තෙන්ම හරිම අපූරුයි.
 
ආසියානු විශිෂ්ටතා තරගයට මම මීට පෙර දෙවරක්ම උත්සාහ කළා. නමුත් ඒ අවස්ථා දෙකේදීම තරග ඉසව් කිහිපයක් දක්වා පමණක් සීමා වුණා. මේ තරගයට ඉදිරිපත් වූ තුන්වැනි අවස්ථාවේදීයි මම ජයග්‍රහණය කළේ. එහිදී ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය වීමට මට අවස්ථාව ලැබුණේ රටවල් 54ක් නියෝජනය කළ ඉතා පළපුරුදු සහ ආචාර්ය උපාධිය වැනි ඉහළ වෘත්තීය සුදුසුකම් සපුරා තිබූ ගුරුවරුන් අතරින්. නමුත් මම ඒ අභියෝගයට මුහුණ දුන්නා. මේ ජයග්‍රහණ ගැන මම වඩාත් සතුටු වෙන්නේ ඔවුන් සමඟ මගේ දැනුම, හැකියාව සහ යාවත්කාලීන වීම උරගා බැලීමට ලැබුණු අවස්ථාවක් ලෙසටයි. මම නිතරම විශ්වාස කරන්නේ ගුරුවරයා නිතරම යාවත්කාලීන විය යුතු බවයි. මම නිරන්තරයෙන්ම ඒ සඳහා වෙහෙසෙනවා.”
 
ඇය පවසන්නේ බොහෝ නිහතමානීවය. ජයග්‍රහණයේ සතුට ඒ හදවතට දැනෙන ආකාරය ගැන ඇය පැවසුවේ ඊටත් වඩා නිහතමානීවය.
 
“ මේ තරගවලට ඉදිරිපත් වෙනවා කියලා මම කාටවත්ම කිව්වේ නැහැ. සාමාන්‍ය‍ෙයන් මම ටිකක් සංවේදී කෙනෙක්. තර‍ගයෙන් පැරදුණොත් ඒ ගැන කවුරුහරි මොනවා හෝ කිව්වොත් මගෙ හිත රිදෙනවා. ඒ නිසා නිහඬවම තරගයට මුහුණ දුන්නා. ජයග්‍රහණය ගැන මුලින්ම දැනගත්තේ මගේ 32 වැනි උපන්දිනය දවසෙයි. ඒක ඉතා ප්‍රීතිමත් අවස්ථාවක්. ”
 
නිලු ආනන්දප්පාට ලැබුණු ඒ සුන්දර උපන්දින තිළිණය ඇය දැඩි වෙහෙස මහන්සියෙන් ලබාගත්තකි. ඒ ගමන් මඟ සැකසුණේ කුඩා වියේ සිට බවද ඇය අප සමඟ කීවාය.
 
“ මීගමුවේ උපන් මම අධ්‍යාපනය ලැබුවේ මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයෙන්. මගේ තාත්තා බැංකු නිලධාරියෙක්. අම්මා ගෘහණියක්. පවුලේ එකම දරුවා නිසා පුංචි කාලේ ඉඳලම අම්මා මගේ පස්සෙන්ම හිටියා. ඉස්කෝලෙ තිබුණේ ගේ ඉස්සරහ. ඒ නිසා මම දවසේ වැඩි වෙලාවක් ගතකළේ පල්ලියේ. සංගීතයට වගේම බාහිර ක්‍රියාකාරකම්වලට පුංචි කාලේ ඉඳලම මගේ ලොකු ආශාවක් තිබුණා. අවුරුදු අටේ සිට පල්ලියේ ඕගන් එක ප්ලේ කළා. ගායනා කණ්ඩායමේ ගායනා කළා. පුංචි කාලේ ඉඳලම ගුරුවරියක් වෙන්න මගේ හිතේ ආශාවක් තිබුණා. නමුත් ඒකට අම්මා කැමති වුණේ නැහැ. මම විද්‍යාවට වැඩි දක්ෂතාවක් පෙන්නූ නිසා අම්මා කැමති වුණේ ඒ අංශයෙන් ඉදිරියට යන්න. නමුත් අම්මවත් තාත්තවත් කවදාවත් මට බලපෑම් කළේ නැහැ එයාලා කැමති දේවල් කරන්න කියලා. ඒ නිදහස, විශ්වාසය සහ කැපකිරීම්වල ප්‍රතිඵලය තමයි මේ ජයග්‍රහණයට මාවත සැකසුවේ”
 
ගුරුවරියක ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නිලු ආනන්දප්පාගේ සිතේ ගුරුවරියක වීමේ සිහිනය උපදින්නේ වයස අවුරුදු 13 තරම් කුඩා වියේදීය.
 
“ දවසක් මම මගේ මිතුරියක් එක්ක පාසල් පිට්ටනියේ ඇවිදිමින් හිටියා. එතකොට අපි දැක්කා ප්‍රාථමික පන්තියේ ගුරුවරියක් පුංචි දරුවෝ ටිකක් වටකරගෙන ඔවුන්ව පිළිවෙළකට රවුමක් හදන්න මහන්සි වෙනවා. ඒක දැකලා මගේ යාළුවා කිව්වා “බලන්නකෝ නිලූ පොඩි පන්තිවලට උගන්වන එක හරි ලේසි වැඩක්නෙ, ඔය මොනා හරි කර කර ඉන්නනේ තියෙන්නෙ” කියලා. ඒත් ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ වෙන අදහසක්. පොඩි ළමයෙක් වුණත් එදා මගේ මනසට හැඟුණේ ප්‍රාථමික පන්තිවල දරුවන්ට උගන්වන එක කවුරුත් හිතන තරම් සරල දෙයක් නෙවේ කියලයි. මම යාළුවා එක්ක ගොඩක් තර්ක කළා ඒ ගැන. ප්‍රාථමික පන්තිවලට උගන්වන ගුරුවරයෙක් වෙනවා කියලා මුලින්ම මට හිතුණේ ඒ සිදුවීම එක්කයි. ”
 
සිහිනවලට පියාපත් දෙන්නට නම් අත්තටු සවිමත් කරගත යුතු බව විශ්වාස කළ යුවතිය එතැන් සිට ඒ වෙනුවෙන් වෙහෙසුණාය. උසස්පෙළ විභාගයෙන් පසු මෙරට ප්‍රමුඛපෙළේ ගුරු පුහුණු ආයතනයකට සම්බන්ධ වී ගුරුවරයකු වීම සඳහා වන උසස් ඩිප්ලෝමා පාඨමාලා සහ NVQ 3 මට්ටමේ පුහුණු කුසලතා ඩිප්ලෝමාව මෙන්ම ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා හැදෑරූ ඇය ඊට අමතරව ලන්ඩන් විභාග පිළිබඳ මූලික ඩිප්ලෝමා, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක්ද හදරා දැනුම් සම්භාරයක් අත්පත් කරගත්තාය. විශේෂ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමටද සූදානමින් සිටින නිලු ආනන්දප්පාගේ වෘත්තීය ජීවිතයට දැන් වසර 13කි.
 
මේ වන විට ඇය 'නයිස්' ජාත්‍යන්තර පාසලේ 2 වැනි වසර පන්තිභාර ගුරුවරියක ලෙසත් 3-5 වසර දරුවන්ට ගණිතය, භූගෝල විද්‍යාව සහ ඉතිහාසය ඉගැන්වීමේ විෂය ගුරුවරියක් ලෙසත් කටයුතු කරන්නීය. ඒ අතරින් ඇගේ ප්‍රියතම විෂයය ගණිතය බවද පැවසුවාය.
 
“පුංචි දරුවන්ට උගන්වන එක පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම ඒක විශාල වගකීමක්. ඔවුන්ගේ ඉගෙනීමේ වගේම අනෙකුත් සියලුම දේවලත් පදනම වෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනයයි. ඒ තීරණාත්මක අවධියේදී දරුවකු නිසි ලෙස හැඩගස්වාගත් විට ඔවුන්ට විශාල දේ කිරීමට ඉදිරියට යා හැකියි.
 
ගුරු වෘත්තිය කියන්නේ ආශිර්වාද ලත් රැකියාවක්. මම මුලින්ම උගන්වන්න පටන් ගත්තේ උසස්පෙළ කරන අතරේ. ඒ කාලේ මම ඉගැන්වූ දරුවන් අද ජීවිතේ හරි මාර්ගයේ යනවා දකිද්දි පුදුමාකර සතුටක් විඳිනවා. මේ දක්වා මම ඉගැන්වූ කිසිම දරුවෙක් මාව නොසලකා හැර නැහැ. මට තවම වයස අවුරුදු 32ක් වුණත් සමහර වෙලාවට වයස හැටගණන් පසුකළ ගුරුවරියක් ලබනවාක් වැනි ගෞරවයක් දරුවන්ගෙන් ලැබෙනවා. ඒ හැමදේම විශාල ආශිර්වාදයක්. මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා.
 
දරුවෙක් තුළ ගුරුවරයා කෙරෙහි විශ්වාසයක් ඇතිකිරීම වගේම එය පවත්වාගෙන යෑමක් අසීරු දෙයක්. යම්කිසි අවස්ථාවක ඒ විශ්වාසය බිඳ වැටුණොත් යළි ගොඩනඟන්න අපහසුයි. දරුවන්ට දඬුවම් දීම පරෙස්සමින් කළ යුත්තක්. ගුරුවරයෙක් විදිහට දරුවාගේ අධ්‍යාපනයට වගේම ජීවිතේ හරි මඟ තෝරා ගැනීමටත් ගුරුවරයාගේ උදවු අවශ්‍යයි. එයත් අධ්‍යාපනයේම කොටසක්. හැම දරුවෙක්ම එක වගේ නැහැ. කිසිම දරුවෙක් වැඩකට නැති දරුවෙක් නෙවෙයි. එහෙම කියනවා නම් ඒක ගුරුවරයාගේ දුර්වලකමක්. අද වැඩකට නැති දරුවා හෙට දක්ෂ ඉංජිනේරුවෙක් විය හැකියි. තමන්ගේ වටිනාකම් තේරුම් ගන්න, වැඩ කරන්න දරුවාට කාලයක් දිය යුතුයි. දරුවන්ට යන පාර තෝරාගන්න ඉඩ දෙනවා මිස ඒ මනස සිරකිරීම සුදුසු නැහැ. ”
 
ඇය එලෙස පවසන්නේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් තුළිනි. සුවහසක් දරුවන්ගේ ආදරය දිනූ ගුරුමවක වන නිලූ ආනන්දප්පාට අවුරුදු 10,9 වයස්වල පසුවන ජොයෙල් සහ ජෙරම් නමින් පුතුන් දෙදෙනකි. සෙවණැල්ල සේ ඇයගේ ජීවිතයට දිරි දෙන සැමියා ගිහාන් තේවරායන්ය. වෘත්තියෙන් ඔහු බැංකු නිලධාරියෙකි.
 
“ ඔහු කිසිම දේකට මට එපා කියන්නෙ නැහැ. සමහර අවස්ථාවලදි මම අනිත් අයට උදවු කරලා කරදරේ වැටෙනවා. ඔහු මට නිතරම කියන්නේ කල්පනාවෙන් පරෙස්සමෙන් වැඩ කරන්න කියලයි. ඒ වගේම හැමදේකදීම අවශ්‍ය සහයෝගය, ආශිර්වාදය නොඩුව ඔහුගෙන් මට නොඅඩුව ලැබෙනවා. ඒ වගේම මගේ මවුපියන්ට මගේ ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුයි. විශේෂයෙන් මගේ අම්මා කුඩා කාලයේ ඉඳන් මම වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. නිතරම මගේ පසුපසින්ම හිටියා. අභියෝගවලට මුහුණ දෙන්න මම ඉගෙන ගත්තේ මගෙ අම්මගෙන්. මට මගේම සහෝදර සහෝදරියන් නැතිවුණත් මගේ සිසු සිසුවියන් නිසා හඳුනාගත් මවුපියෝ කිහිපදෙ­‍ෙනක් මගේම සහෝදරයෝ වගේ මට උදවු කරනවා. ඒ වගේම මම සේවය කරන පාසලේ කළමනාකාරීත්වයෙන්, දරුවන්ගෙන්, ඔවුන්ගේ මවුපියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ හැමෝටම ස්තුතියි කියන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.”
 
ඇයගේ කතාව ඍජුය; සරලය; අව්‍යාජය. වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ‘ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය’ ගැනද ඇය විමසුවෙමි.
 
” එහි ධනාත්මක සහ ඍණාත්මක ප්‍රතිඵල දෙකම තිබෙනවා. පවතින තත්ත්වය තුළ ඔන්ලයින් ක්‍රමයට හෝ දරුවන්ට ඉගෙනීම් කටයුතු සිදුකර යුතුව තිබෙනවා. නමුත් වැඩිහිටියන්ගේ අවධානයෙන් තොරව දරුවන්ට ජංගම දුරකථන පාවිච්චි කිරීමට දීම අවදානම් සහිතයි. අන්තර්ජාලය තුළ දරුවන් නොමඟට යා හැකි අවස්ථා වැඩියි. ඒ නිසා හැකිහැම විටම දරුවන් ඔන්ලයින් තුළින් ඉගෙනීම කරනවා නම් මවුපියන් පේන මානයේ සිටීම ඉතා වැදගත්. මවුපියන් රැකියාවල යෙදෙන විට ප්‍රායෝගිකව එය අසීරු විය හැකියි. මේ තත්ත්වය සමනය වන තුරු ගුරුවරුන්, මවුපියන් විදිහට අපි ඉවසීමෙන් මේ තත්ත්වයට මුහුණ දිය යුතුව තිබෙනවා.”
 
ගුරු වෘත්තියට අමතරව නිලු ආනන්දප්පා ලේඛනයට, නව අධ්‍යයනයන්ට රුචිකත්වයක් දක්වන්නීය. අභියෝගවලය බිය නැති, කැපවීම සහ අධිෂ්ඨානය තුළින් ජීවිතයේ සාර්ථකත්වය දිනාගත් ඇයගේ ජීවිතය තුළ තවත් සුබ සිහින තිබෙනවාට සැක නැත. ඒ ගැන ඇය මෙසේ කීවාය.
 
“ මගේ ජීවිතයේ ආදර්ශ පාඨය හරි දේ කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමයි. ඉදිරියේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පාසලක් ගොඩනැඟීමේ සිහිනයක් මා තුළ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය උපාධිය ඇතුළු වැඩිදුර හැදෑරීම් සම්පූර්ණ කරගත යුතුයි. වර්තමානයේ මම උගන්වන පාසලට මම ගොඩක් ආදරෙයි. ඉතාම ආශාවෙන් ආදරයෙන් මම වෘත්තීය කටයුතු සිදුකරගෙන යනවා”
 
 
සුරේඛා නිල්මිණි ඉලංගකෝන් 
ඡායාරූප - මොවිදු හිරණ්‍ය
සිළුමිණ 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top