අවුරුදු 13 සහ 14 යන වයස්වල පසුවන බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජන කළ පුද්ගලයෙකු ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 19 වනදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මෙම දරුවන් දෙදෙනාගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
කාන්තාවගේ සැමියා මිය යාමෙන් පසු ඇය දරුවන් දෙදෙනා සමඟ තනිව ජීවත්ව ඇති අතර පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් දරුවන් දෙදෙනා වසර දෙකකින් පමණ පාසල් ගොස් නැති බවට හෙළිව තිබෙනවා.
දිගින් දිගටම ඇතිවන දුක් කරදර නිසා ශාන්ති කර්මයක් කර ගැනීම සදහා අදාල සැකකරු සමඟ මව සහ දරුවන් දෙදෙනා වැලිගම ප්‍රදේශයේ දේවාලයකට ගොස් ඇති බව සඳහන්.
එහිදී එම දේවාලය පවත්වාගෙන යන කාන්තාව මෙම දරුවන් දෙදෙනාට අදාල පුද්ගලයාගෙන් හිරිහැර සිදුවනවාදැයි මවගෙන් විමසා තිබෙනවා.
එම අවස්ථාවේ මව පවසා ඇත්තේ එසේ සිදුවන බවයි.
අනතුරුව දේවාලය පවත්වාගෙන යන කාන්තාව විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු ඉමදූව, කෝදාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දරුවන් පොලීසියට පවසා ඇත්තේ ඔහු මාස කිහිපයක සිට මෙලෙස ඔවුන් දෙදෙනා අපයෝජනයකට ලක්කළ බවයි.
අදාල දරුවන් පදිංචි නිවස ආසන්නයේ මෙම සැකකරු ද පදිංචිව සිට ඇති අතර කාටුන් බැලීමට යැයි පවසා දරුවන් සිය නිවසට කැඳවාගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මව හා දරුවන් දෙදෙනා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.