“...මගේ ජීවිතේ එක තැන පල් වෙමින් තිබුණේ.”
රුසියානු නායකයා වන පූටින්ගේ රහස් දියණිය යැයි කියාගන්නා සිසුවියක් ගැන අපූරූම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය ඇගේ "අනන්‍යතාවය" ලෝකයට හෙළිදරව් කිරීමෙන් පසුව තමන් "ජනප්‍රියත්වයට" ප්‍රිය කරන බවයි සඳහන් කර තිබුණේ.
17 හැවිරිදි සිසුවියක් වන ඇගේ නම ලුයිසා රොසෝවා වන අතර, ඇය ක්‍රෙම්ලිනයේ ප්‍රබලයාගේ උරුමක්කාරිය බව තහවුරු කර නැති අතර, ඇය විසින් එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැහැ.
මාධ්‍ය මඟින් ඇයට විශාල අවධානයක් යොමු කෙරුණු නමුත් ඇය ඒ ගැනද වැඩි තැකීමකට ලක් කරන්නේ නැහැ.
"මම කොහොමත් ඒවා තකන්නේ නැහැ. මගේ ජීවිතේ එක තැන පල් වෙමින් තිබුණේ. මගේ ගැන මිනිස්සුන්ට දැනගන්න ලැබුණු එකට මම මාධ්‍යයට ස්තුති කරනවා...""මං ගැන කරදර වෙන්න එපා... මම මගේ ජීවිතය හොඳින් ගත කරනවා."ලුයිසා ඇය ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යාවක් බව පළමුවරට පසුගිය දිනෙක හෙළි කළා.
කොහොම වුණත් ඇගේ හැසිරීම් නිරීක්ෂණයට ලක් කළ බොහෝ දෙනෙක් ඇය පූටින්ගේ
"දියණියක් විය නොහැකි" බවයි සඳහන් කර තිබුණේ.
ඇය පූටින්ගේ දියණිය බවට සැල වීමත් සමඟ ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අනුගාමිකයින් 96, 000 ඉක්මවා ඇති බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ.
Dailymail ඇසුරිනි.