තවත් කොවිඩ් මරණ 13ක් ගෙවුනු පැය 24 තුළ වාර්තාවිමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියා.
දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන මෙයවීම විශේෂත්වයක්.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ අදාළ මරණ 13 කොළඹ නගර සභා සීමාවෙන් පිටත ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.
මේ අතර මියගිය පසුව කොවිඩ් ආසාදිතයෙකු බවට අනාවරණ වී ඇති 26 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහයක් යළි කොවිඩ් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන්නා.
සිය ප්‍රත්‍රයාගේ මරණයෙන් පසු ඔහුට කොවිඩු ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ නමැත්තෙකු විසින්.
මේ අතර කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් ලක් රජයේ ප්‍රතිපත්තිය පිළිබඳ මෙරට අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය යළිත් සිය මතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ට්විටිර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පවසන්නේ වෙනස් කොට සලකන ආදාහන ප්‍රතිපත්තිය අවසන් කිරීමට මෙරට රජය සහ අගමැතිවරයා පසුබටවනු දැකීමෙන් කළකිරීමට පත්වන බවයි.
මෑතකදී මිය ගිය ආදරණීයයන් ඇතුළු ජනතාවගේ අයිතිවාසිකම් වෙත ප්‍රජාතන්ත්‍රවාදී රජයකින් වඩාත් වැඩි ගෞරවයක් ලැබීම සුදුසු බවද ඇගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සදහන්.
ගෙවුණු පැය 24 තුළ නව ආසාදිතයින් 722කු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 77,906ක් දක්වා ඉහළ ගියා.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වූ අතර එම ගණන 223ක්.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මේ අතර කොළඹ ගංගාරාම රාමනායක මාවතේ බුරුම විහාරස්ථානයක සිදුකළකොවිඩ් පරීක්ෂණවලින් ස්වාමීන් වහන්සේ සිව් නමක් ආසාදිත බවට තහවුරුවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිසකට කොවිඩ් පරීක්ෂණ සිදුකලේ මෙලෙසින්.
මේ අතර බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයාට කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් 50 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුනා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමේ කටයුතු අද දිනයේදීත් සිදු කෙරුණා.
කෙසේ වුවත් තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එන්නත ලබා ගැනීම අද දිනයේදීත් ප්‍රතික්ෂේප කළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය අද දින මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී කොවිඩ් එන්නත ලබා ගෙන තිබෙනවා.
වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, කොළඹ මැගසින්, මහර, මීගමුව, පල්ලන්සේන, වටරැක, බූස්ස සහ කළුතර බන්ධනාගාරවල නිලධාරීන්ට අද දිනයේදී කොවිඩ් එන්නත ලබා දුන් අතර ඒ අනුව මේ දක්වා කාලය තුළ 1200කට එන්නත ලබාදීමට පි යවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළා.
මේ අතර නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් 425 දෙනෙකුටද කොවිඩ් එන්නත ලබාදී තිබෙනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සහ මැනින් වෙළෙඳපොළේ වෙළෙඳුන්ටද අද දිනයේ කොවිෂිල්ඩ් එන්නත ලබා දුන්නේ මෙලෙසින්.
එමෙන්ම වරාය සේවකයින්ටද දින 4ක සිට සිදු කෙනෙර එන්නතකරණ වැඩසටහන යටතේ 4000ක පමණ සේවක පිරිසකට එන්නත ලබාදීමට කටයුතු කර තිබෙනවා.
VIDEO