Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
04
කාන්තාවන් පමණක් ආධිපත්‍යය පතුරන, ලෝකේ ලොකුම වෙළඳපොළ මෙන්න - Photos

- කාන්තාවන් පමණක් ආධිපත්‍යය පතුරන, ලෝකේ ලොකුම වෙළඳපොළ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

පාලනය කරනු ලබන්නේ කාන්තාවන්ගෙන් සැදුම්ලත් සංගමයක්..
කාන්තාවන්ට එය තමන්ගේ දෙවැනි දිවියට සමානයි...
 
ඊසානදිග ඉන්දියාවේ පිහිටි මනිපූර් ප්‍රාන්තයේ අගනගරය වන ඉම්පාල්හි පිහිටි මවුවරුන්ගේ වෙළෙඳපොළ යන අරුත ඇති ‘ඉමා කෙයිතල්’ කියන්නේ මේ ලෝකයේ තියෙන කාන්තාවන් විසින් පමණක් පාලනය කරනු ලබන සහ වෙළෙදාමේ නිරත වන විශාලතම වෙළෙඳපොළයි.
 
ඉන්දියාව වැනි පුරුෂාධිපත්‍යය පතුරුවන රටක මේ වගේ වෙළෙඳපොළක් තිබේදැයි කෙනකුට සැක සහිත වුවත් වසර 500කට වැඩි ඉතිහාසයක් ඇති මෙහි කාන්තා ආධිපත්‍යයට අත තියන්න මේ වන තුරු කිසිදු කෙනකු සමත් වෙලා නැහැ.


16 වැනි සියවසේ මෙම වෙළෙඳපොළ ආරම්භ වී ඇත්තේ කාන්තාවන් විසින් පවත්වාගෙන යන ඉතා සුළු අලෙවිසල් සංඛ්‍යාවකිනුයි. වසරින් වසර එම ප්‍රමාණය ඉහළ ගිය අතර වර්තමානයේ එහි දෛනිකව වෙළෙදාමේ යෙදෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව 5000කට අධිකයි.
 
ඉදිකට්ටේ -නූලේ සිට නිවෙසකට අවශ්‍ය සෑම දෙයක්ම අලෙවි කරන මේ අපූරු වෙළෙඳපොළ වෙළෙඳුන්ගේ සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරමින් මනිපූර් ප්‍රාන්තයේ වාණිජ සහ සමාජ ආර්ථික ක්‍රියාකාරකම්වල හදවත ලෙස කටයුතු කරනවා.
 
ක්‍රිස්තු වර්ෂ 1533දී ‘ලල්ලුප් කාබා’ යනුවෙන් හැඳින්වුණු කම්කරු නීතියක් මනිපූර් ප්‍රාන්තයේ බලෙන් ක්‍රියාත්මක කරනු ලැබුවා.
 
මේ නීතියට අනුව ප්‍රාන්ත වැසියන් වූ මෙයිටි ප්‍රජාවේ පිරිමි සාමාජිකයන් අෑත පළාත් සහ දූපත්වල සේවය සඳහා මෙන්ම යුද්ධයට යැවීම සිදු වුණා. මේ නිසා නිවෙස්වල ඉතිරි වූ කාන්තාවන් මත තම පවුල රැක ගැනීමේ කාර්යය පැටවුණු අතර ඔවුන් ඒ සඳහා තමන්ගේ ඉඩම් වගා කිරීම, වියූ රෙදිපිළි සහ වෙනත් නිර්මාණ නගරයට රැගෙන ගොස් අලෙවි කිරීම ආදියෙහි නිරත වූවා. ඉමා කෙයිතල් වෙළෙඳපොළ බිහිවීමට අඩිතාලම වැටුණේ එතැනිනුයි.
 
එතැන් සිට ඉමා කෙයිතල් වෙළෙඳපොළ, අවට ගම්මානවල පවුල් සුරැකීමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. එසේම එය ප්‍රාන්තයේ ආර්ථිකයට විශාල උත්තේජනයක් ලබා දෙන්නත් සමත් වුණා. නමුත් වසර 1891දී එවකට සම්පූර්ණයෙන් මනිපූර් ප්‍රාන්තයේ බලය පතුරුවාගෙන සිටි බි්‍රතාන්‍ය පාලකයන් විසින් ගෙන එන ලද දැඩි ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් හේතුවෙන් මෙම වෙළෙඳපොළට බලපෑම් ඇති වුණා.
 
ප්‍රාන්තයේ වගා කරන ලද සහල් වෙනත් රටවලට අපනයනය කිරීම, ජලය සඳහා අධික බදු පැනවීම ආදී හේතූන් ඉමා කෙයිතල් වෙළෙඳපොළේ පැවැත්මට සේම ප්‍රාන්තයේ සමාජ ආර්ථික සැකැස්මටද දැඩි ලෙස බලපෑවා.
 
අවසානයේ 1939දී මෙම දැඩි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කාන්තාවන්ගේ සංග්‍රාමය යන අරුත ඇති ‘නූපි ලාන්’ යනුවෙන් හැඳින්වුණු අසාධාරණ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි විප්ලවකාරී තත්වයකට මඟපෑදුවා. එහි ප්‍රතිඵලය වූයේ දස දහස් ගණනින් මනිපූර් කාන්තාවන් වීදි බැසීමයි.
 
ඊට ප්‍රතිචාර දැක්වූ බි්‍රතාන්‍ය පාලකයන් ඉමා කෙයිතල් වෙළෙඳපොළේ ගොඩනැඟිලි විදේශිකයන්ට අලෙවිකිරීමට සහ පිටස්තර පුද්ගලයන්ට වෙළෙඳපොළ තුළ වෙළෙදාමේ යෙදෙන්න අවසර දීමට උත්සාහ කළත් කාන්තා ශක්තිය හමුවේ ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වුණා. කෙසේ හෝ දෙවැනි ලෝක යුද්ධයත් සමඟින් ‘නූපි ලාන්’ ව්‍යාපාරයද අභාවයට ගියා. නමුත් සෑම මනිපූර් කාන්තාවගේම හදවත් තුළ එහි සෙවණැලි තදින්ම රැඳී තිබුණා.
 
නිදහසින් පසුව නැවත මෙම වෙළෙඳපොළ නැඟී ආවේ පෙරටත් වඩා නව ජවයක් ලබමිනුයි. එය ප්‍රාන්තයේ සමාජ ආර්ථික යාන්ත්‍රණය බවට පමණක් නොව, ප්‍රාන්තයට අෑත පළාත්වලින් පැමිණෙන ජනයා තොරතුරු හුවමාරු කරගන්නා මධ්‍යස්ථානයක් බවට පත්වූ අතර එහි කාන්තාවන් පෙරට වඩා කාලීන තොරතුරුවලින් දැනුවත් වුණා.
 
අනතුරුව වසරින් වසර වර්ධනය වෙමින් ආ ඉමා කෙයිතල් වෙළෙඳපොළට යම් බලපෑමක් කිරීමට සමත් වූයේ 2016 ජනවාරි 4 වැනි දින හටගත් භුමිකම්පාව පමණයි. ඉන් එහි ගොඩනැඟිලි කීපයක් බිමට සමතලා වුවද ඉතාම කෙටි කාලයකින් ඒවා පිළිසකර කොට නැවත නඟාසිටුවීම සඳහා වෙළෙඳපොළේ පාලනාධිකාරිය පියවර ගනු ලැබුවා.
 
ඉමා කෙයිතල් පාලනය කරනු ලබන්නේ කාන්තාවන්ගෙන් සැදුම්ලත් සංගමයක් මඟිනුයි. මෙහි පවතින සම්ප්‍රදායට අනුව මෙහි වෙළෙදාම් කිරීමට අවසර ඇත්තේ විවාහක කාන්තාවන්ට පමණයි. මෙහි වෙළෙදාම් කරන කාන්තාවන් සඳහා එහි පාලක සංගමය මඟින් ණය ලබා දීමේ ක්‍රමයක්ද පවත්වාගෙන යනවා.
 
දිනපතාම සාම්ප්‍රදායික පානෙක් සහ ඉනාපි ඇඳුමින් සැරසී විවිධ දෑ රැගෙන ක්වයිරම්බන්ඩ් බසාර් එහෙමත් නැත්නම් ඉමා කෙයිතල් වෙළෙඳපොළට පැමිණ එක පෙළට වාඩි වන කාන්තාවන් භාණ්ඩ අලෙවිය අතරේ සතුටු සාමීචියේ යෙදෙන ආකාරය සුලබ දසුනක්.
 
මුළු දවසම ඒ ආකාරයෙන් ගත කරන ඔවුන් හිරු බැසයත්ම තමන් ගෙනා භාණ්ඩ නැවත අසුරා ගෙන කල්ලි ගැසී නැවත තම නිවෙස් කරා යන අයුරු දැකගත හැකියි. ඉමා කෙයිතල්, මනිපූර් කාන්තාවන්ගේ ජීවිතවල තීරණාත්මක භුමිකාවක නිරත වෙනවා.
 
එය රැජනන්ගේ වෙළෙඳපොළ යනුවෙන්ද හැඳින්වෙන්නේ ඒ නිසයි. වසර 45ක 50ක පමණ කාලයක සිට වෙළෙදාමේ යෙදෙන වයස අවුරුදු 70, 80 කාන්තාවන් ඉමා කෙයිතල් වෙළෙඳපොළේ සාමාන්‍ය දසුනක්. ඇතැම් කාන්තාවන්ට එය තමන්ගේ දෙවැනි දිවියට සමානයි.
 
වර්තමානයේ ප්‍රාන්තයේ ආමූලිකආර්ථිකය සඳහා අප්‍රමාණ දායකත්වයක් ලබා දුන්නත් මෙහි වෙළෙඳ ප්‍රජාවට නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඇතැම්විට නව තාක්ෂණික ආක්‍රමණයන් සහ නිපැයුම් නිසා වගේම රාජ්‍ය ප්‍රතිපත්ති නිසා මතුවන ගැටලුවලටත් ඔවුන්ට මුහුණ දීමට සිදු වෙනවා.
 
ඒත් ඒ සියල්ල දරා ගනිමින් ඉන්දියාවේ පමණක් නොව මුළු ලොවටම සංස්කෘතික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් ලොව විශාලතම කාන්තාවන්ගේ වෙළෙඳපොළ තව තවත් අත්දැකීම් එකතු කරමින් දවසින් දවස ඉදිරියටම යනවා.
 
ගැමුණු රත්නායක
මව්බිම


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top