හැත්තෑව අසුව දශකයේ සිනමා තිරයේ කඩවසම් නළුවෙක් වූ ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා රෝගාතුරව රෝහල් ගත තිබෙනවා. මිට දින 14 ට පෙර නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රෝහල් ගත කළ බවයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. එම රෝගී තත්ත්වය සුව අතට හැරමින් තිබෙන බවත් ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවත් ඔහු සදහන් කළා.
ඒ මහතා 77 වන වියෙහි පසුවන අතර සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ මතකයේ රැඳෙන රංගනයන්ට දායක වූ නළුඑක්. ඔහු ආසධ්‍ය තත්වයෙන් පසු වූ බවත් ඒ හේතුවෙන් බවත් මේ වනවිට රාවයක් පවතිනවා. එය සම්පුර්ණ අසත්‍ය ප්‍රචාරයක් බවයි සදහන් වෙන්නේ.
1969 හන්තානෙ කතාව සිනමා සිත්තමෙන් තම රංගන ජීවිතය ආරම්භ කර තිබෙන ඔහු 1974 අහස් ගව්ව 1978 බඹරු ඇවිත් 1982 යස ඉසුරු1986 පූජා 1994 අහස් මාලිගා 2009 රෝස මල් සයනය ඇතුළු චිත්‍රපට බෝහොමයකට ඔහුගේ රංගන දායකත්වය හිමිව තිබෙනවා.
ටෙලිනාට්‍ය කලාවේ ආරම්භක යුගයේ දිමුතු මුතු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑම නිසාද ඔහු කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා.
1974දී හොඳම නළුවාට හිමි සම්මානය හා 1986දී හොඳම සහාය නළුවාට හිමි ජනපති සම්මානය ඔහුට හිමි වුණා.