Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
23
හදවත් කඳුලින් පුරවා අභිරහසක් ඉතිරි කරමින් අවසන් ගමන් ගිය කැඩෙට් නිලධාරි ලහිරු රංජන - Photos

- හදවත් කඳුලින් පුරවා අභිරහසක් ඉතිරි කරමින් අවසන් ගමන් ගිය කැඩෙට් නිලධාරි ලහිරු රංජන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

ආමි එකේ මාමලා..
පුතා එල්ලිලා මැරුණා කිව්වම අපිට සිහි කල්පනාවක් තිබුණේ නැහැ...
පුතා එල්ලිලා මැරුණා කියලා පුතාට යුනිෆෝම් ඇන්දෙව්වෙත් නැහැ...

හෙට්ටියාදුර ලහිරු රංජන ප්‍රනාන්දු 1993 වර්ෂයේ ජූනි මස විසි තුන් වැනිදා මෙලොව එළිය දුටුවේ ආබාධිත යුද හමුදා සෙබළකුගේ කුලුඳුල් දරුවා ලෙසිනි.

එහෙත් ඒ වන විට ලහිරුගේ පියා වූ රංජිත් ප්‍රනාන්දු යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටියේය.

ඊට හේතුව වූයේ ඔහු යුද හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුව ආබාධිතයකු වීමයි.


ඔහු එලෙස ආබාධිතයකු වූයේ කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයට 1991 වර්ෂයේ ජූනි මස විසි එක් වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයට ගොදුරුවීම හේතුවෙනි.

ඉන් ඔහුට වම් පාදය අහිමි වූවා පමණක් නොව සිරුරේ වම් පස පාදාන්තයේ සිට කේෂාන්තය දක්වාම අක්‍රීය තත්ත්වයට පත්ව තිබිණි. 

මෙම බෝම්බයට හසුවන විට ඔහු කාලතුවක්කු හමුදාවේ බොම්බඩියර් වරයකු ලෙස සේවයේ නිරතව සිටියේය.

ලහිරු උපදින විටත් පියා යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටි බැවින් පියා යුද හමුදා නිල ඇඳුමින් සැරසී සිටිනු ලහිරු කිසි දිනෙක දැක තිබුණේ නැත.

දිනෙන් දින උස් මහත් වූ ලහිරු ඉගෙනීමට දක්ෂයකු බව ගුරුවරුන්ට මෙන්ම මවුපියන්ට ද වැටහී තිබිණි. ඔහු ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වීම ඒ බව සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීය.

දෙල්ගොඩ, උඩුපිල රණවිරු ගම්මානය අංක 173/53 දරණ නිවසේ පදිංචි ලහිරු මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙනි. 

ශිෂ්‍යත්වයට පෙනී සිටි ඔහු ඉන් ඉහළින්ම සමත් වී හය වසරේ සිට අධ්‍යාපනය ලැබුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙනි.

සක්‍රීය හමුදා සේවයේ නැතත් හිටපු සාමාජිකයන්ගේ දරුවන් ඉලක්ක විභාග වලින් ජයග්‍රහණය කළ හොත් ඔවුන්ට ත්‍යාග ප්‍රදානය කිරීම යුද හමුදාවේ සාමාන්‍ය සිරිතකි.

ශිෂ්‍යත්වය සමත්වීම හේතුවෙන් ලහිරුට ද පියා සේවය කළ කාලතුවක්කු රෙජිමේන්තුවෙන් ත්‍යාග ලැබිණි. 

ඒ උත්සවයට සහභාගීවීමට ගිය ලහිරුගේ පුංචි හිතට එදා යමක් කා වැදිණි. ඒ ‘ආමි එකේ මාමලා’ ඇඳගෙන සිටින යුනිෆෝම් එකේ ගාම්භීර පෙනුම පිළිබඳය.

එදා ඔහුගේ පුංචි සිතට ආ සිතුවිලි මවුපියන් සමඟ කියන්නට විය. ලහිරුට එලෙස දෙතුන් වතාවක්ම යුද හමුදා ත්‍යාග ප්‍රදාන අවස්ථාවලට සහභාගීවීමේ අවස්ථාව උදා විය. 

අවසන් වරට යුද හමුදා උත්සවයකට සහභාගි වන විට ලහිරු ගැටවර වියේ පසු විය. එදිනත් ඔහු යුද හමුදා නිල ඇඳුමේ ඇති ගාම්භීරත්වය පිළිබඳ මවුපියන් සමඟ කියන්නට විය.

මෙලෙස ලහිරු තරුණ වියට එළැඹෙද්දී යුද හමුදා නිල ඇඳුමට ඇලුම් කරද්දී පියා රංජිත්ගේ සිතේ ද යම් අදහසක් පහළව තිබිණි. ඒ කැමති නම් ලහිරු යුද හමුදා සේවයට එක් කිරීමය.

‘මම යුද හමුදාවට බැඳුණේ 1983 අවුරුද්දේ. ඒත් . . . මට හමුදා සේවයේ ඉන්න ලැබුණේ අවුුරුදු අටයි. 

මම ආබාධිතයෙක් වුණා. මගේ අතින් රටට කරන්න බැරිවෙච්ච යුතුකම් කොටස පුතා අතින් හරි කරවන්න තියෙනවා නම් කියලා මට හිතුණා’.

‘පුතා ඒ ලෙවල් පාස් වුණා. ගණිත අංශයෙන් එයා විෂයයන් තුනටම සී සාමාර්ථ අරගත්තා. පුතාත් කැමති නිසා මම කිව්වා පුතාට ආමි එකට බැඳෙන්න කියලා. පුතත් එක පයින් කැමති වුණා.’

‘එයාට යුද හමුදා නිලධාරියකු වෙන්න ඕනවටත් වඩා සුදුසුකම් තිබුණා. ඉංග්‍රීසි භාෂාව හොඳට පුලුවන්. 

උසස් පෙළ විභාගෙත් ඉහළින්ම සමත්වෙලා හිටපු නිසා එයා ඉන්ටවීව්වලින් ඉහළින්ම තේරුණා. දෙදාස් දාහතරේ නොවැම්බර් මාසේ එකොළොස් වෙනිදා තමයි එයා දියතලාව කඳවුරේ පුහුණුවෙන්න ගියේ.’

‘මාස අටක වගේ කාලයක් විතරයි එයට හමුදා සේවයේ ඉන්න ඉඩ ලැබුණේ. ඒ මාස අටේදී එයා දෙවතාවක් නිවාඩුවට ගෙදර ඇවිත් ගියා. ඒ ආපු දෙවතාවෙදිම පුතා හමුදා සේවය ගැන කතා කළේ හරිම සතුටින්.’

‘පුතා ගෙදර ආපු දෙවතාවෙම අම්මා එයාගේ මුලු ඇඟම අත ගගා බැලුවා. 

ඒ වෙලාවෙදි පුතා ඇහුවා ඇයි අම්මේ මාව අතගගා බලන්නේ. මට ගහල කියල ද? ඇඟේ කැලැල් තියෙනව කියල ද බලන්නේ. නෑ . . . මට කවුරුවත් ගහලා නෑ කියලා පුතා කිව්වා’.

‘පුතා අන්තිම වතාවට ගෙදර ආවෙ දෙදාස් පහළොවේ ජූනි මාසේ තිස් වෙනිදා. 

ඒ පාර ආපු වෙලාවේ පුතා කිව්වා මම වැඩිම ලකුණු අරගෙන ‘බැච් ටොප්’ වුණා. ඒකට මට චීනෙට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. 

ඒත් මට වයස අවුරුද්දක් වැඩියි කියලා බ්‍රිගේඩියර් කෙනෙකුගේ පුතාට ඒ ශිෂ්‍යත්වය දුන්නා. තවත් ශිෂ්‍යත්වයක් තියෙනවා වෙන රටක. මට ඒක හරි අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන කියලා.’

‘බැච් ටොප්’ වෙලත් ශිෂ්‍යත්වේ නොලැබිම ගැන පුතාගේ හිත රිදිලා තිබුණේ. එයාට ලැබෙන්න නියමිත ශිෂ්‍යත්වය දීලා තිබුණ බ්‍රිගේඩියර්ගේ පුතා අපේ පුතාට කියලා තිබුණා මම ඔයාට වැඩිය අවුරුද්දක් බාලයිනේ. මම ඉපදුණේ අනූ හතරේ. ඔයා අනූ තුනේ. මට ශිෂ්‍යත්වය ලැබුණේ ඉල්ලලා තිබුණ වයස හරි නිසා මිසක් මගේ තාත්තා බ්‍රිගේඩියර් නිසා නෙවෙයි කියලා.’

‘ශිෂ්‍යත්වය නොලැබුණ එක ගැන කිව්වට එයා ඒකට ලොකුවට දුක් වුණේ නැහැ. 

අන්තිමට නිවාඩු ආපු වෙලාවේ එයා ඩ්‍රාමා දෙකක් හදාගෙන ගියා. 80 බැච් එකේ පාස් අවුට් එකේ ඉංග්‍රීසියෙන් නිවේදන කටයුතු කරලා තිබුණෙත් අපේ පුතා.’

‘එයා ඒ නිවාඩුව ඉවර වෙලා ජූලි මාසේ දහවෙනිදා දියතලාව කෑම්ප් එකට ගියා. ඩ්‍රාමා දෙක හදාගෙන ගියේ 82 බැච් එකේ පාස් අවුට් එකට. නිවාඩු ඉවර වෙලා ගිය දවසේ ඉඳලා එයා 82 බැච් එකේ පේරන්ස් මීටිං එකට අවශ්‍ය වැඩ කටයුතු කරලා තිබුණා’.

‘පුතා නිවාඩු ඉවර වෙලා ගිහින් දොළොස් වෙනි දවසේ (2015. 07. 22) උදේ අටට විතර ගෙදරට කෝල් එකක් ආවා දියතලාව කෑම්ප් එකෙන්. 

පුතාලගේ කෝස් මෆිසර් මේජර් නිශ්ශංක තමයි කෝල් කළේ. එයා කිව්වා පුතාට පොඩි කරදරයක්, ඔයා ආමි එකේ හිටපු කෙනෙක් නිසා හිත හදාගන්න. 

පුතා බෙල්ල වැළලාගෙන මැරිලා. පුලුවන් තරම් ඉක්මනට දියතලාවට එන්න කියලා.’

දියතලාව යුද හමුදා පුහුණු පාසලේ කැඩෙට් නිලධාරියකු ලෙස පුහුණුව ලබමින් සිටියදී 2015 වර්ෂයේ ජූලි මස 22 වැනිදා ගෙල වැළලාගෙන මියගිය බව කියන ලහිරු ප්‍රනාන්දුගේ පියා රංජිත් ප්‍රනාන්දු එලෙස අතීතය ආවර්ජනය කළේය.

මේ දැනුම්දීමෙන් අනතුරුව දැඩි ශෝකයටත්, කලබලයටත් පත් ලහිරුගේ මව, පියා, මාමා ඇතුලු කිහිප දෙනකු ඒ මොහොතේම දියතලාව බලා පිටත් වූහ.

‘එදා දවල් දොළහමාර වෙද්දී අපි දියතලාව කෑම්ප් එකට ගියා. 

ඒ වෙද්දි පුතාගේ බොඩි එක තිබුණේ කෑම්ප් එකේ මෙඩිකල් රූම් එකේ ඇඳක් උඩ. 

පුතා එල්ලිලා මැරුණා කියලා දැනගත්ත වෙලාවේ ඉඳලා අපිට හරියට සිහි කල්පනාවක් තිබුණේ නැහැ. 

ඒත් පුතා ඇඳ ගෙන හිටපු ටී ෂර්ට් එකේ දකුණු අතේ ලේ පැල්ලමක් තියෙනවා දැක්කම අපිට සැකයක් ආවා. 

මොකද පුතාට දිවිනහගන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. 

අපේ පවුලේ හතර දෙනා හරිම සමගියි. කාගෙවත් ළඟ රහස් නැහැ. ඒක නිසා එයාට දිවි නහගන්න තරම් හිතේ අමාරුවක් තිබුණා නම් අපිට නොකියා ඉන්නේ නෑ’.

‘පුතා එල්ලිලා හිටපු තැන අපිට එදා බලන්න දුන්නේ නෑ. ඊට පහුවෙනිදා ජේ. එම්. ඕ. (අධිකරණ වෛද්‍ය නිලධාරි) ආවම පෙන්වන්නම් කිව්වා. 

දෙවෙනි දවසේ අපි කෑම්ප් එක ඇතුළට ගියේ බී ගේට් එකෙන්. මාවයි, පුතාවයි විතරයි ඇතුළට ගත්තේ. අපිත් එක්ක ගිය මස්සිනාලා දෙන්නා කෑම්ප් එකේ ගේට්ටුව ළඟ කාර් එකට වෙලා හිටියා.

‘එක මස්සිනා කෙනෙක් වැඩ කරන්නේ බදුල්ල ඉස්පිරිතාලේ. ඒ නිසා එයා බදුල්ල ජේ. එම්. ඕ.ව හඳුණනවා. 

අපි ඇතුළට ගිහින් ටික වේලාවකින් ඒ මස්සිනා මට කෝල් කරලා කිව්වා ජේ. එම්. ඕ. ආවා. එයා ඇතුළට යන්න ආවම ගේට්ටුව වැහුවා. 

ඇතුළට ගත්තේ නෑ. ඩොක්ටර් ආපහු හරවගෙන ගියා කියලා.’

‘එදා ජේ. එම්. ඕ. පරික්ෂණය තිබුණේ නෑ. පුතා එල්ලුන තැනට මාවයි මගේ බාල පුතාවයි එක්කරගෙන ගියා. 

ඒත් එතන විශේෂ කිසිම දෙයක් පේන්න තිබුණේ නැහැ. 

එල්ලුන බෙඩ් ෂීට් එකවත්, පළවෙනි පාර එල්ලෙන්න ගිහින් ගැටේ බුරුල් වෙලා පුතා වැටිලා කැඩුණා කියපු පුටුවවත්, මඩ පාරවල්වත් කිසිම සළකුණක් එතන තිබුණේ නැහැ. කොටින්ම පුද්ගලයකු සියදිවි නසාගත් බවක් පෙනෙන පරිසරයක් එතන තිබුණේ නැහැ’ 

පියා රංජිත් ලහිරුගේ මරණය පිළිබඳ එලෙස තොරතුරු හෙළි කළේය.

බදුල්ලේ ජේ. එම්. ඕ. ඩොක්ටර් විජේවීර තමයි පුතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්තුවේ. 

ඒ වාර්තාවේ පුතාගේ මරණයට හේතුව විදියට සඳහන් වෙලා තිබුණේ ගෙල සිරවීමෙන් ශ්වසන මාර්ගය අවහිර වී හුස්ම ගැනීම අපහසු වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වෙලා කියලා. පුතාගේ තට්ටම් දෙකේම තැලුම් තුවාල තිබුණා.

ඒ ගැන වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙලා තිබුණේ ඊට හේතුව හදිසි අනතුරක් හෝ පහරදීමක් වෙන්න පුලුවන් කියලා. 

ඒ වගේම බෙල්ලට දාගෙන තිබුණ ගැටේ ගැනත් ඒකේ සඳහන් වෙලා තිබුණා. දාන්න පුලුවන් ඉහළම වර්ගයේ ගැටයක් කියලා තමයි තිබුණේ. 
ඒත් පුතාගේ ගැට දැමිල්ල ගැන අපි හොඳට දන්නවා. ළිදේ බාලදියේ ගැටේවත් දාගන්න බැහැ. 

ඒකත් තාත්තට කියලා තමයි කරව ගන්නේ. එහෙම ළමයා කොහාමද එල්ලිලා මැරෙන්න හොඳම ගැටේ දාගත්තේ. 

අනික ඒ විදියට පුතාට හොඳට ගැටේ දාන්න දන්නව නම් පළවෙනි වතාවේ ගැටේ හරි නොගිහින් පුතා ලිස්සලා වැටුණේ කොහොමද?’

‘පළවෙනි වතාවේ ගැටේ බුරුල් වෙලා පුතා වැටිලා එල්ලෙන්න නගින්න තියපු පුටුවත් කැඩිලලු. 

පුතා එල්ලිලා හිටියා කියන්නේ නාන කාමරේනේ. පුුටුවට නැගලා එතනින් වතුර ටැංකියට ගොඩ වෙලා තමයි පුතා බාල්කේ බෙල්ල වැලලාගෙන තියෙන්නේ කියලා කියනවා. 

පළවෙනි පාර පුතා ලිස්සලා වැටිලා පුටුව කැඩුණා නම් ඒ පාරට තට්ටම් තැලිලා කායික දුර්වල තත්ත්වයකට පත්වෙලා හිටියා නම් එයා දෙවෙනි වතාවේ පුටුව නැතුව එක පාරටම වතුර ටැංකි උඩට නගින්නේ කොහොමද? ඇතිවෙච්ච ආතතියත් එක්ක බෙල්ලට හොඳම ගැටේ දාගන්නේ කොහොමද?’

ලහිරුගේ මාමා (මවගේ මල්ලි) වන ජීවන්ත ලියනගේ එලෙස තොරතුරු හෙළි කළේය.

පුතාගේ සිද්ධිය වෙද්දී දියතලාව කැම්ප් එකේ කමඩාන්ට් හිටියේ බ්‍රිගේඩියර් රාජගුරු. සාමාන්‍යයෙන් ඕනෑම ස්ථානයක මේ වගේ සිද්ධියක් වුණොත් එතන ප්‍රධානියා එළියට එන්න ඕනනේ. 

එයා ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක් වගේනේ. එහෙම නම් එයා යටතේ හිටපු ළමයෙක් එල්ලිලා මැරුණා කිව්වම එයා ඇවිත් අපිත් එක්ක ඒ ගැන කතා කරන්න ඕන. 

කණගාටුව ප්‍රකාශ කරන්න ඕන. ඒත් එයා නිකමටවත් අපිව හමුවෙන්න ආවේ නැහැ. හැබැයි යුද හමුදාපතිතුමා නම් කීප වතාවක්ම අපිට එන්න කියලා අපි එක්ක කතාබහ කළා.’

පළවෙනි වතාවේ යුද හමුදාපතිතුමා අපිත් එක්ක පැය දෙක හමාරක් විතර කතා කළා. 

එදා කිව්වා දරුවා දක්ෂ ශිෂ්‍යයෙක්. මට එයාව මතකයි. මම හමුදාපති වුණාට පස්සේ සිද්ධ වෙච්ච දරුණුම සිද්ධිය (ඒ වන විට කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම සිදුව තිබුණේ නැත) එදා මම නිදාගෙන ඉන්දෙද්දී පාන්දර තමයි කෝල් එක ආවේ. 

මට හිතුණා මොකක් හරි ලොකු දෙයක් කියලා. නැත්නම් මට පාන්දර කෝල් දෙන්නේ නැහැ කියලා යුද හමුදාපතිතුමා කිව්වා.’ 

ඒ වෙලාවේ මම ඇහුවා ඔබතුමාට ඒ කෝල් එක ආවේ කීයට විතරද පහට පහමාරට වගේද කියලා. 

නැහැ ඒ වෙලාවට මම ඇහඇරලා ඉන්නේ. කෝල් එක ආවේ පාන්දර හතර හමාරට විතර කියලා. 

අපිට ඒ ගැනත් ප්‍රශ්නයක් තිබුණා. මොකද අපිට කිව්වේ පුතා එල්ලිලා ඉන්නවා දැකලා තිබුණේ උදේ අටට වගේ කියලා. මුලින් දැක්කේ අටට නම් යුද හමුදාපතිතුමාට පාන්දර හතර හමාරට කෝල් එක ආවේ කොහොමද?’

පුතාගේ මරණය සම්බන්ධයෙන් යුද හමුදාව ඇතුළේ පරික්ෂණ හතරක් පැවැත්වූවා. 

අපි තුන්වෙනි වතාවට යුද හමුදාපතිතුමා හමුවෙන්න යද්දී ඒ පරික්ෂණ වාර්තා එතුමාට ලැබිලා තිබුණා. 

ඒ වාර්තා අතේ තියාගෙන තමයි අපිත් එක්ක කතා කළේ. ඒත් ඒවායේ තියෙන තොරතුරු අපිට කිව්වේ නැහැ. අපි ඇහුවා ඔය වාර්තාවලට අනුව ඔබතුමාගේ නිගමනය මොකක්ද කියලා. ඒක සියදිවි නසා ගැනීමක් නෙවෙයි කියලා ආමි කමාන්ඩර් එදා කිව්වා.

‘පුතාගේ මරණය ගැන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වුණු විභාගයේ ‘ඉහත සඳහන් සාක්ෂි සහ ලේඛන සියල්ල සැලකිල්ලට ගැනීමේදි එච්. එල්. ආර්. ප්‍රනාන්දු යන අයගේ මරණය පිළිබඳව අපරාධයක් සිදු වී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවට තිරණය කරමි.

ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වන ලෙසට ස්ථානාධිපති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹට නියෝග කරමි’ කියලා නඩුකාරතුමාගේ වාර්තවේ සඳහන් වෙලා තිබුණා.

‘අනෙක මූලික සාක්ෂි විභාගවලදී පුතාට පහර දීපු බවට හෙළිවුණා. 

ඒ වගේම පුතා මැරුණ දවසට කලින් දවසේ හවස මෙඩිකල් රූම් එකට එක්කගෙන ගිහින් තිබුණා.ඒ වෙලාවේ එතන හිටපු අමරකෝන් කියන කෙනා පුතාගේ බෙල්ල කැරකැවිලා මොනවා හරි වෙලා ද කියලා අහලා තිබුණ බවත් කියවුණා. ඒ බව කිව්වේ ඒ වෙලාවේ මෙඩිකල් රූම් එකේ හිටපු කෙඩෙට් නිලධාරියෙක්. ඒවා ලිඛිතව සටහන් වෙලා තියෙනවා.

‘ඒත් පුතාගේ මරණය ගැන සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැහැ. ඒ නිසා තමයි අපි මානව හිමිකම් එකේ පැමිණිල්ලක් දැම්මේ. මානව හිමිකම් එක මේ සිද්ධිය සී. අයි. ඩී එකට දෙනවා කිව්වා. පැමිණිල්ලෙන් පස්සේ පළවෙනි විභාගයට යද්දී සී. අයි. ඩියට දීලා තිබුණේ නෑ. දෙවැනි වතාවට යද්දී දීලා තිබුණා.

මේ විදියට අපි දිගින් දිගටම කළ පැමිණිලිවල ප්‍රතිඵලයක් විදියට පහුගිය දහතුන් වෙනිදා උදේ පුතාගේ මිනිය ගොඩ ගත්තා’ පියා රංජිත් එලෙස පවසා සිටියේය. 

වැලිවේරිය සුසාන භූමියේ වළදමා තිබූ මෙම මළසිරුර ගොඩ ගැනීමේ අවස්ථාවට ගම්පහ මහේස්ත්‍රාත් රුවන් පතිරණ, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන්, වෛද්‍ය ආටිගල, රාගම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය හඳුන් විජේවර්ධන, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ විශ්වනාත් කේ. කුලතුංග හා පවුලේ අය එක්ව සිටියහ.එදින උදේ හයට පමණ මළ සිරුර ගොඩ ගැනීම ආරම්භ වූ අතර උදේ අට පමණ වෙද්දී මළ සිරුර ගොඩගෙන අවසන් විය. 

එම සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කොළඹ මහ රෝහලේ මාත ශරීරාගාරය වෙත යොමු  කෙරිණි.

අපේ පුතා එල්ලිලා මැරුණේ නැහැ. එයාට එහෙම මැරෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. 

මේක පුතා එක්ක තිබුණ තරහට, පුතාගේ කැපී පෙනෙන දක්ෂතාවලට ඉරිසියාවෙන් කීප දෙනෙක් එකතු වෙලා කරපු අපරාධයක්. 

අපේ එකම ඉල්ලීම පුතාට මේ අපරාධය කරපු අය හොයලා දඬුවම් ලබා දෙන ලෙසටයි. 

ඒ වගේම චීනේ පුහුණුවට තේරුණේ නැහැ කියලා හිතේ අමාරුවට එල්ලිලා මැරුණා කියන කතාව වැරැදි බව පෙන්වලා දීලා පුතාට වෙච්ච අවනම්බුව නැති කරලා පුතා එල්ලිලා මැරෙන්න තරම් දුර්වලයෙක් නෙවෙයි කියලා පෙන්වලා දෙන්න කියලයි’.

අපේ පුතා එල්ලිලා මැරුණා කියලා පුතාට යුනිෆෝම් ඇන්දෙව්වෙත් නැහැ. මරණයට හමුදා ගෞරව ලැබුණෙත් නැහැ. 

හමුදාවෙන් කිසිම දෙයක් ලැබුණේ නැහැ. අඩුම තරමේ පුතා කෙඩෙට් නිලධාරියෙක් විදියට යුනිෆෝම් ඇඳ ගත්ත ෆොටෝ එකක්වත් අපිට නැහැ.
පියා රංජිත් දැඩි ශෝකයෙන් එලෙස පවසා සිටියේය.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top