රාජ්‍ය දැව සංස්ථාවට අයත් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් රක්ෂිතයට ඇතුළු වීමට මාර්ගයක් සකස් කරමින් සිටි පුද්ගලයෙකු මතට දැවැන්ත පයිනස් ගසක් කඩා වැටීමෙන් ඔහු එම ස්ථානයේදීම වගේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, එලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වරල්ලගෙදර අබේකෝන් බණ්ඩා නමැති අයෙකි. රක්ෂිතයේ පයිනස් ගස් ඉවත් කරමින් මාර්ගය සකසමින් සිටි මොහොතේ, බැකෝ යන්ත්‍රය මඟින් කපා දමන ලද විශාල පයිනස් ගසක් අනපේක්ෂිත ලෙස මොහුගේ හිස මතටම කඩා වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදු වූ සැණින් බරපතල තුවාල ලැබූ ඔහුව අසල සිටි පිරිස වහාම ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මෙලොව හැර ගොස් තිබුණා.
මෙම කොන්ත්‍රාත් කටයුත්ත කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් භාරගෙන තිබූ එකක් බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉංගිරිය පොලිසිය විසින් මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචි බැකෝ යන්ත්‍ර රියැදුරාව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.