මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ මූලික විමර්ශනයකින් පසුව, අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කරලා තියෙනවා...
සිද්ධිය වාර්තා වන්නේ පසුගිය අප්‍රේල් 09 වැනිදායි. ත්‍රිකුණාමලය මහරෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී ඇතිවූ බරපතළ ගැටලුකාරී තත්ත්වයක් නිසා එහි සිටි නේවාසික වෛද්‍යවරිය විසින් මෙම විශේෂඥ වෛද්‍යවරයාට සහ අනෙක් වෛද්‍යවරියට වහාම සූතිකාගාරයට (Labor Room) පැමිණෙන්නැයි දන්වලා තියෙනවා. එක දිගට දුරකථන ඇමතුම් 6ක් ලබා දුන්නද, ඔවුන් දෙදෙනාම එම අවස්ථාවේ රෝහලට ඇවිල්ලා නෑ...
විමර්ශනවලදී හෙළි වී ඇති අතිශය කම්පන සහගත කරුණ වන්නේ, රජයේ රෝහලේ බිලිඳෙකු මරණයත් සමඟ සටන් කරද්දී, මෙම වෛද්‍යවරුන් දෙදෙනා සිය රාජකාරිය පැහැරහැර පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට (C-Section) සහභාගී වී සිට ඇති බවයි. තමන්ට නියමිත රාජකාරි වේලාව තුළ, රජයෙන් පඩි ලබමින්, මුදලට මුල්තැන දෙමින් පෞද්ගලික රෝහලක සේවය කිරීම මොවුන්ට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාවයි.
මෙම නොසලකා හැරීම නිසා අවාසනාවන්ත ලෙස බිලිඳා මියගොස් ඇති අතර, මූලික විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු මත මොවුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මොවුන්ට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ...