ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14ක ජනතාව මේ වන විට ගංවතුර නිසා දැඩි පීඩාවකට පත්වෙලා ඉන්නවා.
මේ විනාශයෙන් වැඩිම හානියක් වෙලා තියෙන්නේ ගලේවෙල නගරය කිට්ටුවම තියෙන පට්ටිවෙල ලකීවත්ත ප්‍රදේශයටයි. මිනිස්සු සුවසේ නිදාගෙන ඉද්දී එකවරම නිවාස තුළට ගලාගෙන ආපු වතුර මට්ටම අඩි 3ත් 5ත් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි, දරුවන්ගේ පොත්පත් පවා මේ ජල රකුසාට බිලිවෙලා අවසානයි.
තත්ත්වය දරුණු අතට හැරෙද්දී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වහාම මැදිහත් වෙලා අවදානම් කලාපවල හිටපු ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කරන්න පියවර ගත්තා. හැබැයි තවමත් අවතැන් වුණු පවුල් ප්‍රමාණය නිශ්චිතව කියන්න බැරි තරමට හානිය දරුණුයි කියලා තමයි ආරංචි වෙන්නේ.
"ජීවිත කාලයක් හම්බ කරපු හැමදේම ඇස් පනාපිටම වතුරේ යනවා බලන් ඉන්න එක මොනතරම් වේදනාවක්ද?" - අවතැන් වූ පදිංචිකරුවෙක්.
ගලේවෙල අවට ඉන්න ඔබත්, පවතින අයහපත් කාලගුණය නිසා ඔබේ ප්‍රදේශයේත් ජල මට්ටම ඉහළ යනවා නම් වහාම ආරක්ෂිත පියවර ගන්න. පට්ටිවෙල ලකීවත්ත සහ ඒ අවට ප්‍රදේශවල පවතින මේ තත්ත්වය ගැන ඔබේ හිතවතුන්වත් දැනුවත් කරන්න.