ඒ, දහස් ගණන් දරුවන්ට දහම් දැනුම බෙදා දුන්, හැමෝටම හයියක් වුණු ආදරණීය ගුරු මෑණියන් කෙනෙකු වූ අන්ජු විශාකා ශ්‍රීමතී මහත්මිය හදිසියේම සමුගත් පුවත නිසා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය අවසන් හුස්ම හෙළන විට පසුවූයේ 33 වැනි වියේයි.
1993 වසරේ උපත ලැබූ ඇය, මිය යන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. තවමත් ලෝකය දකින්නට වෙර දරන ඒ පුංචි පැටවුන් දෙදෙනාට තමන්ගේ ලෝකය වුණු අම්මාව අහිමි වීම මොනතරම් දරාගත නොහැකි වේදනාවක්ද? පවුලේ හිතවතුන් පවසන්නේ ඇය මුළු පවුලටම හිටපු "ආදරණීය කෙල්ල" බවයි.
ඇයගේ සමීපතම යෙහෙළියක් තැබූ සංවේදී සටහන කියවන ඕනෑම කෙනෙකුගේ දෑසට කඳුළු උනනවා. නිතර මුණ නොගැසුණත්, හදවතේ තැන්පත් වුණු ඒ යාළුකම ගැන ඇය ලියූ වචන කිහිපය මෙසේය..
"ඔයත් ඒ හදවතේ රැඳුණු යාළුවෙක් විශාකා... ඒත් මට උඹේ කටහඬවත් අහපු දවසක් මතක නැහැ. මට සමාවෙයන් බන්. නිවන තව දුරයි, ඒ නිසා ආයෙත් අපි අතරම ඉපදියන්. මෙහෙම අකාලයේ යන්න නෙමෙයි, මේ යාළුකම්තව ලස්සනට අරන් යන්න... උඹ නිසා අද ගොඩක් අයගේ කටහඬවල් මට අහන්න ලැබුණා. ඒ පිනෙන් ලබන ආත්මෙත් මේ අහිංසක හිතත් අරන් අපි අතරටම වරෙන්..."
ඇයගේ වියෝව තවමත් ඇගේ ඥාතීන්ට සහ මිතුරන්ට හීනයක් වගෙයි. පවුලේ එකම ගැහැනු දරුවා ලෙස හැමෝගෙම ආදරය මැද හැදී වැඩුණු ඇය, මෙසේ අනපේක්ෂිත ලෙස ජීවිත චාරිකාවට සමුදීම දරාගන්නට කාටවත්ම පහසු නැහැ.
සමාජ මාධ්‍ය ඇසුරෙන්