"අපේ ජොබ් එක ස්ථිර වෙන්නේ කවද්ද?" කියලා මගබලාගෙන හිටපු දහස් ගණනකගේ බලාපොරොත්තු මල්පල ගන්වමින් අලුත්ම චක්‍රලේඛය දැන් නිකුත් වෙලා ඉවරයි!
2026 අයවැයෙන් දුන්න පොරොන්දුව ඒ විදිහටම ඉටු කරමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 11/2026 දරන විශේෂ චක්‍රලේඛය නිකුත් කරලා තියෙනවා.
මේ පුවතත් එක්කම රාජ්‍ය ආයතනවල විවිධ සහන පදනම් මත සේවය කරපු 9,800කගේ විතර රක්ෂාවන් ස්ථිර වෙන්න නියමිතයි.කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ ගැන විශේෂ සඳහන් කිරීමක් කළා.
ඔහු පැවසුවේ මේ තීරණයත් එක්ක ලංකාව පුරා ඉන්න රාජ්‍ය සේවකයින් විශාල පිරිසකට තමන්ගේ වෘත්තීය අභිමානය රැකගෙන ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා කියලයි.මෙම චක්‍රලේඛය යටතේ ස්ථිර පත්වීම් හිමිවන්නේ මේ අයටයි:
තාවකාලික පදනම මත සේවය කරන අය.
අනියම් (දෛනික) පදනම මත සේවය කරන අය.
ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සිටින අය.
සහන පදනමින් සේවය කරන, නමුත් මෙතෙක් පත්වීම් විධිමත් නොවූ පිරිස්.
වෙනදා වගේ "හෙට රස්සාව තියෙයිද?" කියන බය දැන් මේ අයට නැහැ. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට දෙපාර්තමේන්තු ප්‍රධානීන් දක්වා මේ ගැන දැනුවත් කරලා ඉවරයි. මේක 2026 වසරේ රාජ්‍ය සේවයේ සිද්ධ වෙච්ච ලොකුම සහ සාධාරණම පෙරළියක් විදිහටයි බොහෝ දෙනා හඳුන්වන්නේ.