ප්‍රංශ ජාතික කාන්තාවකට පෙරේදා මේ සිද්ධියට මුහුණදෙන්න වුණේ, උණවටුන ප්‍රදේශයේදියි.
මෙලෙස තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත කුලී රථ රියැදුරෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි වියේ පසුවන තරුණයකු වන අතර ඔහු විශ්වවිද්‍යාලයක දෙවැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුවකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ තරුණිය පෙරේදා (28 දා) රාත්‍රියේ මෙම කුලී රථය මගින් ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබුණා.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර රියැදුරුව සහ රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.