සිහිනයක් නිසා ජීවිතය බේරාගන්න ලැබුණා යැයි කීවොත් ඔබ එය විශ්වාස කරනවාද? නමුත් හොංකොං රාජ්‍යයේ පදිංචි ඇඩ්ලීන්හට එවැනි අත්දැකීමකට මුහුණදෙන්න සිදුවෙලා තිබෙනවා.
වසර 3කට පෙර මියගිය ඇගේ මව සිහිනයෙන් පැමිණ "පුළුවන් තරම් ඉක්මනට ගිහින් පරීක්ෂණයක් කරගන්න" යැයි පවසා තිබෙනවා.
ඒ අනුව වෛද්‍යවරයකු හමුවූ ඇයට, මාරාන්තික පිළිකාවක් මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකිවෙලා තිබෙනවා.
නමුත් විද්‍යාත්මකව බලනකල අපේ මොළය මෙවැනි පණිවිඩ එවන්නේ කෙසේද? ඒ පිළිබඳව විද්‍යාඥයින් විවිධ මත පළකර තිබෙනවා.
අප නින්දේදී 'REM' (වේගවත් අක්ෂි චලන) අවස්ථාවට පිවිසෙන සෑමවිටම පාහේ සිහින දකිනබව ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ ආචාර්ය අබිදෙමි ඔටයිකු පෙන්වාදී තිබෙනවා. අපගේ මුළු නින්දෙන් තුනෙන් එකක්ම ගෙවීයන්නේ සිහින ලෝකයේ බව හෙළිවෙලා තිබෙනවා.
සිහින දකිනවිට මොළයේ තර්කනය පාලනය කරන 'ලලාට ඛණ්ඩිකාව' අක්‍රියවන අතර, හැඟීම් පාලනය කරන 'ලිම්බික් පද්ධතිය' අධික්‍රියාකාරීවෙලා තිබෙනවා.
සිහින එතරම් පුදුම සහගත ලෙස පෙනෙන්නේ ඒ නිසයි.
ප්‍රශ්න විසඳන්නත් සිහින උදව් වෙනවාද? ඔව්, විද්‍යාත්මක පර්යේෂණ මගින් ඒ බව සනාථවෙලා තිබෙනවා.
දුම්පානය නතර කිරීමට උත්සාහ කරන පිරිස් ඒ පිළිබඳව සිහින දකිනවිට, ඔවුන් සාර්ථකවීමේ සම්භාවිතාව වැඩිබව හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළිවෙලා තිබෙනවා.