ඇමරිකාවට ගිහින් උපාධියත් අරන්, ලංකාවේ ප්‍රසිද්ධ හෝටලයක ලොකු රස්සාවක් කරපු තරුණ පුතෙක්, තමන්ගේම පියාව අමු අමුවේ ඝාතනය කරපු පුවතක් දැන් මුළු රටේම කතාවක් වෙලා.
මේ 25 හැවිරිදි තරුණයා පහුගිය 25 වැනිදා තමන්ගේ තාත්තා එක්ක පුංචි බහින්බස් වීමක් ඇති කරගෙන තියෙනවා. හැබැයි මේක සුළු ආරවුලක් විදිහට නතර වෙලා නැහැ. කෝපය පාලනය කරගන්න බැරි වුණු මේ පුතා, ගෙදර තිබුණු උල් ආයුධයක් අරගෙන තමන්ගේ තාත්තට නොසෑහෙන්න පහර දීලා තියෙනවා.
පොලිසිය කියන විදිහට නම් මේක හරිම සැලසුම් සහගත ඝාතනයක් වගෙයි. මොකද, මේ තරුණයා පහර දීලා තියෙන්නේ තාත්තගේ ඇස් දෙකට, අක්මාවට, වකුගඩු වලට වගේම හදවතටයි, පෙනහළු වලටයි. ඒ කියන්නේ ඇඟේ තියෙන ප්‍රධානම ඉන්ද්‍රියන් වලට තමයි උල් ආයුධයෙන් ඇනලා තියෙන්නේ.
වැඩේ කරලා ඉවර වෙලා මේ සැකකරු හිතලා තියෙන්නේ කාටවත් හොයාගන්න බැරි වෙන්න සිරුර හංගන්න. තාත්තගේ සිරුර රෙදි කඩක ඔතලා, ගේ අසල තිබුණු පොල් ලෙලි ගොඩක සඟවලා තමයි මුලින් තිබිලා තියෙන්නේ. හැබැයි පොලිසියේ දක්ෂ නිලධාරීන් කණ්ඩායමකට මේක මඟහරින්න බැරි වුණා. අන්තිමේදී තාත්තාව මරලා සැක කටයුතු විදිහට ගැවසෙමින් හිටපු මේ "උගත්" පුතාව පොලිසියෙන් කොටු කරගත්තේ පොල් ලෙලි ගොඩ අසලදීමයි.
මියගිහින් තියෙන්නේ 67 හැවිරිදි අනුර කුමාර රත්නායක මහත්මයා. කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර සල්ලි හෙව්වත් මනුස්සකම සහ කේන්තිය පාලනය කරගන්න බැරි වුණාම මොන වගේ විනාශයක් වෙනවද කියන්න මේක හොඳම උදාහරණයක්.