සමාජ මාධ්‍ය හරහා නිතරම රසිකයන් සමඟ සමීපව ඉන්න දෙන්නෙක්....
ඔන්න ඉතින් මේ දෙන්නට අද දවස ඉතාමත් සුවිශේෂී දිනයක්... ඒ තමයි ඔවුන්ගේ 3 වැනි ආදර සංවත්සරය.
දිනිති තමන්ගේ ආදරණීයයා වෙනුවෙන් තබපු සටහන හරිම රසවත් වගේම හැඟුම්බරයි. ඇය පවසා තිබුණේ, "අවුරුදු 3ක් ගෙවුණත් තවමත් අපි හිනාවෙන්නේ ඒ පරණ විහිළුවලටමයි.. ඒ වගේම තවමත් රණ්ඩු වෙන්නේ කන්න ඕනේ මොනවද කියන එක ගැනයි.." කියලා.
ඔන්න ඉතින් මේ දෙන්නගේ මේ විශේෂ දවසේ හරි ලස්සන පින්තූර කිහිපයක්ද එකතු කරලා තිබුණා....ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන ආදරණිය පින්තුර එකතුව කොහොමද කියලා...
