මේ සිද්ධියත් සමඟ මෙතෙක් ඉවසීමෙන් සිටි ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් දැඩි ස්ථාවරයකට පැමිණ ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
මෑතකදී සිවුරු දරාගත් පිරිසක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී කොටු වීමත් සමඟ මුළු රටම කැළඹුණා. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමකට සමාජය තුළ ලැබෙන ගෞරවය සහ පිළිගැනීම "බලපත්‍රයක්" කරගනිමින් මොවුන් කර ඇත්තේ මුළු මහත් ශාසනයටම කැළලක් ඇති කරන නීතිවිරෝධී ක්‍රියාවක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහා නාහිමිවරුන් අවධාරණය කරන්නේ මොවුන් සැබෑ භික්ෂූන් නොව, "භික්ෂු ප්‍රතිරූපකයන්" බවයි.
මෙය හුදෙක් පුවතකට පමණක් සීමා නොවී, ඉදිරියේදී විශාල "ශාසනික ශෝධනයක්" සිදුවන ලකුණු පහළ වී තිබෙනවා.
අදාළ නිකායන් මගින් මොවුන් ගැන වහාම පරීක්ෂණ පවත්වා, ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු සූදානම් කර ඇත.
"සිවුරක් දාගත්තා කියලා නීතියෙන් බේරෙන්න බැහැ!" - මහා නාහිමිවරුන් රජයට බලකර සිටින්නේ මොවුන්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි.
ව්‍යාජ සිවුරුධාරීන් හඳුනා ගැනීමට සහ මෙවැනි අපරාධ වැළැක්වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කඩිනමින් සකස් කරන ලෙස රාජ්‍ය යාන්ත්‍රණයට නියෝග කර තිබේ.
සාමාන්‍යයෙන් මෙවැනි දේවල් යටපත් වන ස්වභාවයක් තිබුණත්, මෙවර මහා නාහිමිවරුන් සෘජුවම මැදිහත් වීමෙන් පෙනී යන්නේ "සසුන පිරිසිදු කිරීමේ මෙහෙයුම" දැන් ඉතාම දැඩි වී ඇති බවයි.
සිවුරක් දැකපු පමණින් වැඳ වැටෙන අහිංසක මිනිසුන්ගේ භක්තිය "බිස්නස් එකක්" කරගත් මේ ව්‍යාජ රහතුන්ගේ රෙදි ගැලවීමට දැන් කාලය එළඹ ඇත.