2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ කටයුතු හෙට (20) සිට නිල වශයෙන් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා මෙලෙස දෙවන පාසල් වාරය හෙටින් ඇරඹෙන අතර, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියර ද හෙට (20) සිටම ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව හෙට උදෑසන සිට දිවයිනේ සියලුම රජයේ පාසල් නැවතත් දරු දැරියන්ගේ හඬින් අවදි වීමට නියමිතව තිබෙනවා.