Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වුණු රුවන් හෙට්ටිආරච්චිගේ දයාබර බිරිඳ ශෙරිල් ඩෙකර් රුවන්ගෙම මියුසික් වීඩියෝ වලින් වගේම පහුගිය කාලේ ටෙලිනාට්‍ය වලිනුත් අපිට දකින්නට ලැබුණා. හැබැයි මේ වෙනකොටනම් ශෙරිල් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් පොඩ්ඩක් අයින් වෙලාලු ඉන්නේ. මේක ගැන දැනගන්න හිරු ගොසිප් අපි ඇයට කතා කළාම ශෙරිල් කීවේ දැන් ටෙලිනාට්‍ය කලා ඇතිවගේ කියලයි.

ඒ වගේම ඇය කැමැත්තෙන් ඉන්නවලු සිනමාවට එන්නත්. ගොඩ දෙනෙක් ශෙරිල්ට කියලා තියෙන්නේ එයාව ගැලපෙන්නේ ෆිල්ම් වලට කියලලු. එයාටත් ඒක දැනිලා තියනවා කියලා තමයි ශෙරිල් කියන්නේ.

views564 Views
comment

englishtrans
ද්විත්ව ඝාතන දෙකකුත් කරලා
හැංගි හැංගී කතුන් මැරූ සාහසිකයා බවට
ප්‍රබල සාක්ෂි, DNA ත් ගැලපෙනවලු
ගමේ ප්‍රසිද්ධ ‘‘මහත්තයා‘‘ නමින්ලු


කහවත්ත -  ඕපාතවත්ත ප්‍රදේශයේ කාන්තා ඝාතනයක් සම්බන්ධයෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (15) ඉදිරිපත් කෙරුණු සැකකරු ප්‍රදේශයේ තවත් කාන්තා ඝාතන 6කට සම්බන්ධ බවට රහස් පොලීසිය දැනුම් දී තිබෙනවා. පසුගිය කාලයපුරාම රටම තිගැස්සූ මෙම ඝාතකයා සම්බන්ධයෙන් හරිහැටි තොරතුරුක් පොලිසියට සොයාගැනීමට නොහැකි වුනේ බොහෝ අවස්ථාව ඔහු කාන්තාවන් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව කිසිදු සළකුණක් තබා නොගිය නිසාවෙනුයි.

ද්විත්ව ඝාතන දෙකක් ඇතුළුව අනෙකුත් කාන්තාවන් ඝාතනය කර ඇත්තේ දූෂණය කිරීමෙන් පසුව බව ද මෙහිදී හෙළිව තිබෙනවා.  සැකකරු සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

views1,161 Views
comment

englishtrans
‘‘මම හරි බයෙන් ඉන්නේ. මට හරි බයක් දැනෙනවා.
ඉක්මනින් කෝල් එකක් ගන්න‘‘
තරුණියගේ ඇඳුමක් ගලවා ආයෙත් අන්දලාලු

ඇල්පිටිය, පිටුවල අඬාහැලෙන දිය ඇල්ල ආසන්නයේ මියගිය තරුණ යුවළගේ මරණය මිනීමැරුමක්‌ බවට පොලිසිය හෙළිකර ගැනීමෙන් පසුව තරුණයාගේ මිතුරන්ගේ දුරකථන පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එහිදී තරුණ යුද හමුදා සෙබළා සිය මිතුරෙකුට ‘මම හරි බයෙන් ඉන්නේ. මට හරි බයක් දැනෙනවා. ඉක්මනින් කෝල් එකක් ගන්න‘‘. යැයි කෙටි පණිවුඩයක් යවා ඇතැයි වාර්තා වෙනවා. ඝාතනයට ලක් වූ පෙම් යුවළගේ ජංගම දුරකථන දෙක, තරුණියගේ ‍පොත් බෑගය, තරුණයාගේ හැඳුනුම්පත් සහිත මුදල් පසුම්බිය, තරුණියගේ පාවහන් යුගල අතුරුදන්ව තිබේ.

views887 Views
comment
‘‘බලය ආරක්‍ෂා කරගන්න ජනප්‍රිය තීරණ ගන්නේ නෑ,
සමහර තීරණ විවේචනයට භාජනය වෙන්න පුළුවන්.
ඒත් අනාගත පරපුරට දවසක තේරේවි අපි ගත්ත තීරණ නිවැරදි බව‘‘

ඊයේ (14) අගමැති රනිල්  වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් සිටියා. ඒ හේතුවෙන් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට තිබූ බස් රථ වර්ජනයද නැවතුණා.

රටේ අනාගතය බිල්ලට දී අනතුරට හෙළමින් බලය රැක ගැනීමේ අරමුණක්‌ තමන්ට නැතැයි ද, රට හැදීමට නොහැකි නම් බලය අතහැරදා යැමට සූදානම් බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කළා. අයවැය විවාදය අතරතුරදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පවසා සිටියා....

views336 Views
comment
englishtrans
තිබ්බ රත්‍රන් බඩුත් අරගෙන
මහ රෑ ගෙදර මිඳුලට ගෙනැත් දාලා

රටට යමක් සිදුවෙමින් පවතී. දූෂණ, මරණ රට වටින්ම වාර්තා වෙමින් පවතී. හඳුනානොගත් සිරුරු ගංඟාවලින් හමුවෙද්දී අභිරහස් ලෙසින් මියගිය අයගැන තවමත් පරීක්ෂණ කරමින් සිටී. මේ සියල්ල අතරේ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කළමනාකාර සහායකවරියක් වශයෙන් සේවය කරන 35 හැවිරිදි කාන්තාවක් බහලත්කාරයෙන් පැහැරගෙන ගොස් සමූහ ආකාරයෙන් දූෂණය කර තිබේ.

අමානුෂික අයුරින් ඇයව දූෂණය කර ඇත්තේ ත්‍රී රෝද රථයක දමාගෙන ගොස් බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇත. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. මෙම රාජ්‍ය සේවිකාව තම මිතුරකු පැමිණෙනතුරු පසුගිය 12 වනදා මහනුවර තැන්නකුඹුර පාලම අසල රැදී සිට ඇත.

views726 Views
comment
englishtrans
විශ්‍රාම වැටුප කප්පාදු කරන්නේ නෑ,
ආදායම් බලපත්‍ර ගාස්තුව 25% සිට 15% දක්වා පහතට,
දුම් පරීක්ෂණ ගාස්තුව 1500 දක්වා පහලට සම්පූර්ණ ප්‍රකාශය

රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් වැඩිකරනු ලැබු රුපියල් දස දහසක මුදල ලබන ජනවාරි මාසයේ සිට රුපියල් දෙදහස බැගින් මුලික වැටුපට එක්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ එය අධියරෙන් අදියර මුලික වැටුපට එක්කරන බවයි.

එමෙන්ම ජාතික වැටුප් කොමිසම යළි ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කලේ. පෞද්ගලික අංශ සේවවකයන්ට රුපියල් දෙදහස් පන්සියයක වැටුප් වැඩිවීම ලබන මැයි මාසය වන විට ලබාදීමට හැකිවනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කලා.

views634 Views
comment
englishtrans
5ක් සැඩපහරට ගහගෙන ගිහින් පිරිමි 3ක් බේරිලා

කොත්මලේ - රම්බොඩ දියඇල්ලේ දියනෑමට ගොස් ඊයේ අතුරුදන්වූ කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු අද උදෑසන හමුවී තිබෙනවා.  මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක් සහ 32 ක් වන දෙදෙනෙක්.  

පොලීසිය සදහන් කළේ අදාළ කාන්තාවන් දෙදෙනා තවත් පුද්ගලයින් 3 දෙනෙකු සමඟ ඊයේ දිය නෑමට ගොස් ඇති බවයි.

views469 Views
comment
englishtrans
තරුණියගේ හිසට පොල්ලෙන් ගහලා
තරුණයාගේ බෙල්ල හිරකරලා
බොරුවට වස බෝතලක් ළඟින් තියලා
කළිනුත් 6ක් ඇල්ල ලඟ මැරිලා තියෙනවලු

ඇල්පිටිය පිටුවල අඬාහැලෙන ඇල්ල අසල තිබී තරුණ යුවළකගේ මළ සිරුරු ඊයේ (13) දිනයේ සොයාගත් අතර ඔවුන් දිවිනසා ගත් බවට එම ස්ථානයේ තිබූ වස බෝතලය නිසා නිරීක්ෂණය වූවත් ඔවුන් දෙදෙනා ඝාතනය කර ඇති බවට පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

දියඇල්ල අසල යතුරුපැදියක් දමාගොස් ඇති බවට ඇල්පිටිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුව කල විමර්ශණයකදීයි මෙම මළ සිරුරු සොයාගැනුණේ. විමර්ශණවලදී හෙළිවුණේ යතුරුපැදිය ඇල්පිටිය නවදගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් එකක් බවටයි.  තවදුරටත් එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේදීයි වයස අවුරුදු 23 ක් වන තරුණයකුගේ මළ සිරුරක් සහ 18 හැවිරිදි තරුණියකගේ මළ සිරුරු හමුවී ඇත්තේ.

views1,259 Views
comment
ලේ ඥාතීන් නිසා චතුරංග බඳින්න
ප්‍රශ්න නිසා වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලාලු
‘‘වෙඩින් එක ලස්සනට ගන්න,
අලුත් පෙම්වතාට කරදර කරන්න එපා‘‘ මැරෙන්න කලින්
චතුරංගට ලියුමේ ලියලා.

පසුගිය 08 වනදා පන්නල - හාවානෙළිය ප්‍රදේශයේ නිවසක් තුළ ගෙළ වැළලාගෙන මියගිය මව සහ දියණියගේ සිද්ධියට තවත් තරුණයෙකුගේ නම ඈදි ඇති බවට වාර්තා වෙනවා.

 දියණියගේ ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ආරවුලක් නිසා මෙම මරණයන් සිදුවූ බවට පැවසුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ මියගිය 20 හැවිරිදි තරුණිය තරුණයෙකු සමඟ පෙම් පටලැවිල්ලක් තිබූ බවත් ඔහු නිවසට පැමිණ මෙම තරුණිය හා මවට කරදර කරමින් රණ්ඩු කරන බවයි.  එම තරුණයාට අමතරව තවත් තරුණයෙකු මෙම සිද්ධිය සමඟ පැටලී ඇති බවට මේ වන විට වාර්තා වේ.
 
views734 Views
comment
englishtrans
අද අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

අයවැයට විරෝධය පළ කරමින් ප්‍රවාහන, සෞඛ්‍ය ඇතුලූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයකට සූදානම්වනවා.

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, වැඩිකළ රුපියල් දස දහසක දීමනාව මූලික වැටුපට එක් නොකිරීම, මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය  සඳහන් කළේ.

views348 Views
comment
මහනුවර නගරයේ දී බසයක අමතකව ගිය රුපියල් ලක්ෂ 14.5ක් සහිත බෑගයක් ලංගම බසයක රියදුරා සහ කොන්දොස්තර විසින් පොලිසියට භාර දී යළි එහි හිමිකරුට දුන් පුවතක් පසුගියදා මහනුවරින් වාර්තා වුණා.

මුදල් වෙනුවෙන් ජීවිත පවා නැතිකරන සමාජයක එවන් උතුම් කාර්යක් සිදුකළ රියදුරු හා කොන්දොස්තර මහතාට රියදුරුට ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා තෑග්ගක් පිරිනමා ඔවුන්ගේ ක්‍රියාව අගය කර තිබෙනවා.

views230 Views
comment

තරැණිය පාසැල් සිසුවියක්
තරුණයා හමුදා සෙබලෙක්

ඇල්පිටිය පිටුවල අඩාහැලෙන ඇල්ල අසල තිබී තරුණ යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙනවා.  ඇල්ල අසල යතුරුපැදියක් දමාගොස් ඇති බවට ඇල්පිටිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුව කල විමර්ශණයකදීයි අද දහවල් 12 ට පමණ මෙම මළ සිරුරු දෙක සොයා ගැනුනේ.

විමර්ශණවලදී හෙළිවී ඇත්තේ යතුරුපැදිය ඇල්පිටිය නවදගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් එකක් බවටයි.  තවදුරටත් එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේදීයි වයස අවුරුදු 23 ක් වන තරුණයකුගේ මළ සිරුරක් සහ 18 හැවිරිදි තරුණියකගේ මළ සිරුරු හමුවී ඇත්තේ.

views701 Views
comment
රට යවලා තියෙන්නේ මරදානේ ඒජන්සියකින්ලු
දැන් ලංකාවට ඇවිත්
නාවලපිටිය රෝහලේ

සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියෙදී නිවසේ හාමිපුතා ඇතුළු එම නිවසේ පදිංචි තවත් දෙදෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි දූෂණයට ලක්වු බව පවසමින් බගවන්තලාව රෝබිගිල් වතුයායේ තිදරු මවක් නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයකින් ඉකුත් වසරේ ගෘහ සේවයට ගොස් ඇති 33 හැවිරිදි මෙම තිදරු මව මෙම ලිංගික අතවර හේතුවෙන් තමන් විදින පීඩා හමුවේ ඉකුත් නොවැම්බර් මාසයේ දිවයිනට පැමිණ මේ පිළිබඳව එම ඒජන්සියට ගොස් පැමිණිළි කර තිබෙනවා.

views947 Views
comment
අප අද ජීවත් වන්නේ ලේ කිරි කර පොවා හැදු වැඩූ දරුවන් විසින්ම දෙමාපියන්ව කූඩු කරන සමාජයකයි. එවන් සමාජයක මහළු පුද්ගලයින්ට සලකන අයෙකු දැකගන්නට ලැබීමද වාසනවකි. මේ අප කියන්නට යන්නේ එලෙස ගිලන්ව සිටි ස්වාමීන් වහන්සේලා කිහිප නමකට සත්කාර කළ බෝසත් පුතුන් කිහිප දෙනෙකු පිළිබඳවය.

ඔවුන් මේ සත්ක්‍රියාව සිදුකර ඇත්තේ ගිලන්ව සිටි ස්වාමින් වහන්සේලා දාහතරනමකටයි. උණු පැනින් නහවා අලුත් තුවා වලින් පිස අලුත් අඳන හා සිවුරු අන්දා පිරිසිදු කළ ඔවුන් ස්වාමීන්වහන්සේලාගේ සෑම ඇඳකටම අලුත් ඇතිරිලි, අලුත් කොට්ට, කොට්ටඋර දමා පිරිසිදු කළෝය.

views521 Views
comment
 ටෙරාලා අපිට ඇටෑක්‌ කරනවා.. මම ආයෙත් ඉතින් ගේමට බැස්‌සා..
අපේ කොල්ලෝ සටන් කරන විදිහ දැක්‌කහම හිතට ආවේ ලොකු හයියක්‌..
ටෙරාලා කොච්චර ගැහුවත් පස්‌සට යන්නේ නැතුව සටන් කළා.."

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකට පසුගියදා මරණ දඬුවම නියම වූයේ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු කරමිනි. මෙම දඬුවම පිළිබඳව සමාජයේ දැඩි කතාබහතක් ඇතිවුණු අතර ඇතැමුන් පවසා සිටියේ ඔහුගේ තීන්දුව සම්පූර්ණයෙන්ම අසාධාරණ එකක් බවයි.

 එලෙස දඬුවම් නියමූ රණවිරුවා සමඟින් කළ සාකච්ඡාවක් මේ වන විට සතිඅන්ත පුවත්පත් පළකොට තිබේ. එහි සඳහන් වන්නේ සිද්ධිය වූ අවස්ථාව හා මරණ දඬුවම සම්බන්ධයෙන් රණවිරුවා කළ සංවේදී කතාවකුයි. යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්‌ථානගතව සිටි සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන්ට ඒ දිනවල මුහමලෙයි හා පලෙයි ප්‍රදේශයේ සිට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීහු දැඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ.

views1,262 Views
comment
[1]      «      5174   |   5175   |   5176      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top