මහනුවර නගරයේ දී බසයක අමතකව ගිය රුපියල් ලක්ෂ 14.5ක් සහිත බෑගයක් ලංගම බසයක රියදුරා සහ කොන්දොස්තර විසින් පොලිසියට භාර දී යළි එහි හිමිකරුට දුන් පුවතක් පසුගියදා මහනුවරින් වාර්තා වුණා.
මුදල් වෙනුවෙන් ජීවිත පවා නැතිකරන සමාජයක එවන් උතුම් කාර්යක් සිදුකළ රියදුරු හා කොන්දොස්තර මහතාට රියදුරුට ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා තෑග්ගක් පිරිනමා ඔවුන්ගේ ක්‍රියාව අගය කර තිබෙනවා.
පානදුර සිට මහනුවරට පැමිණි බසයට කෑගල්ලෙන් ගොඩවූ අයකු මුදල් සහිත බෑගය බසයේ රාක්කය මත තබා අසුන්ගෙන එය අමතකව ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් බැස ගොස් තිබුණු අතර
ඔහුට තම බෑගය සිහි වී ඇත්තේ අම්පාර බස් නවත්වන තැනට ගිය විට දී ය.
යළි ඔහු බසය සොයා එන විට කොන්දොස්තර මහතාත් රියදුරු මහතාත් බෑගය පොලිසියට දුන් බව පවසා තිබේ. රාක්කය මත අමතකව ගිය බෑගයක් තිබෙනු දැක එය විවර කර බැලීමේ දී විශාල මුදලක් දුටු කොන්දොස්තර කේ.ඒ.ලහිරු දිල්ශාන් හා රියදුරු ධම්මික තුෂාර බෑගය පොලිසියට ගෙනගොස් දී තිබුණි.
පොලිසියට ගිය හිමිකරු සිය අනන්‍යතාව හෙළිකළ පසු මුදල් සහිත බෑගය නැවත ලැබිණි. මුදල් නිරුපද්‍රිතව බාරදුන් ධම්මිකට හා දිල්ශාන් දෙදෙනාට එහි හිමිකරුත් පොලිසියත් සිද්ධිය දැනගත් සියලු දෙනාත් ප්‍රශංසා කළෝය.