Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
14
රටම බලන් සිටි අගමැති රනිල් පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය

- රටම බලන් සිටි අගමැති රනිල් පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

විශ්‍රාම වැටුප කප්පාදු කරන්නේ නෑ,
ආදායම් බලපත්‍ර ගාස්තුව 25% සිට 15% දක්වා පහතට,
දුම් පරීක්ෂණ ගාස්තුව 1500 දක්වා පහලට සම්පූර්ණ ප්‍රකාශය

රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් වැඩිකරනු ලැබු රුපියල් දස දහසක මුදල ලබන ජනවාරි මාසයේ සිට රුපියල් දෙදහස බැගින් මුලික වැටුපට එක්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ එය අධියරෙන් අදියර මුලික වැටුපට එක්කරන බවයි.

එමෙන්ම ජාතික වැටුප් කොමිසම යළි ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කලේ. පෞද්ගලික අංශ සේවවකයන්ට රුපියල් දෙදහස් පන්සියයක වැටුප් වැඩිවීම ලබන මැයි මාසය වන විට ලබාදීමට හැකිවනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කලා.



සිය විශේෂ ප්‍රකාශය ආරම්භ කරමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ බලය භාවිත කරමින් රට හැදීමට නොහැකි නම් බලය අත්හැර යාමට තමා සුදානම් බවයි.  රට බිල්ලට දී බලය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකරන අතර බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනප්‍රිය තීරණ නොගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ.

විවිධ ගැටලුවලදී යහපාලන රජය තීරණ ගනු ලබන්නේ රටේ අනාගතය වෙනුවෙන් වන අතර එම තීරණය ජනප්‍රිය තීරණ නොවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කලා.  කෙසේ වෙතත් වත්මන් රජය ගන්නා ජනප්‍රිය නොවන තීරණ පිළිබඳ අනාගත පරපුර ප්‍රසාදය පළකරනු ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.

එමෙන්ම රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කිසිසේත් කප්පාදු නොකරන බව ද විශේෂ ප්‍රකාශය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලා. වත්මන් රජය සිදුකරනු ලබන්නේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය තවදුරටත් ශත්තිමත් කිරීම බවයි ඔහු පෙන්වා දුන්නේ.

සේවක අර්ථසාධක අරමුදල මෙන්ම සේවක භාරකාර අරමුදල වත්මන් රජයේ පාලනය තුල මහ බැංකුව යටතේ සුරක්ෂිත කර තිබෙනවා.  එම මුදල් සියයට සියයක් සුරක්ෂිත අතර එය අව භාවිත නොවන ක්‍රමවේද සකස් කර ඇති බවයි රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ.

පැවති රජය රාජ්‍ය සේවකයන්ගේ අනාගතය සමග සෙල්ලම් කල ද වත්මන් රජය සෑම රාජ්‍ය සේවකයකුගේම අනාගතය සුරක්ෂිත කර ඇතැයි අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශය ඔස්සේ කියාසිටියා.

විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් මතභේදයට ලක්ව ඇති කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනවාරි මාසයේ විශේෂ කමිටුවක් පත් කෙරෙනවා. එහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ට මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කල හැකි බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

එහිදී නවීන ලෝකයට සරිලන පරිදි විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම එම කමිටුවේ වගකීම වන අතර එය අනුමත කරනු ලබන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ඔහු අවධාරණය කලේ එම කටයුතු විනිවද භාවයකින් සිදු කිරීම වෙනුවෙන් වෘත්තීය සමිතිවලට ද සහය ලබාගන්නා බවයි. පසුගිය රජය  අග්‍රහාර රක්ෂණය පිළිබඳ කටයුතු කල ආකාරය සොයා බලා ඒ සම්බන්ධ කරුණු ජනතාවට ලබාදෙන බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

ජනවාරි මාසයේ සිට විශ්‍රාම ගන්නා සෑම රාජ්‍ය සේවකයකුටම අග්‍රහාර රක්ෂණය ලබාදෙන බව ද ඔහු ප්‍රකාශ කලා.  මීට අමතරව ආදායම් බලපත්‍ර ගාස්තුව සියයට 25 සිට සියයට 15 දක්වාත් රුපියල් පන්දහසක් කල දුම් පරීක්ෂණ ගාස්තුව 1500 දක්වාත් අඩු කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

එමෙන්ම සාමාන්‍ය වාහනවලට කල් බදු ගාස්තුව රුපියල් පන්දහසක් ලෙසටත් යතුරුපැදි සහ ත්‍රී රෝද රථ සඳහා රුපියල් 3000 ක් ලෙස ද සශෝදනය කෙරෙන බවයි රනිල් වික්‍රමසිංහ සිය විශේෂ ප්‍රකාශය ඔස්සේ පෙන්වා දුන්නේ.

පෞද්ගලික අංශ සේවකයන්ට වැඩි කිරීමට යෝජනා වු රුපියල් 2500 බලාත්මක වී නොමැති බවට තමා දැනුවත්ව ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට අදාළ නීති පාර්ලිමේන්තුවට ගෙන එන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ඒ අනුව අදාළ වැටුප් වැඩිවීම ලබන මැයි මාසය වන විට පෞද්ගලික අංශ සේවකයන්ට ලැබෙනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. කම්කරු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග මේවන විට සාකච්ඡා කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ මෙවැනි අවස්ථාවකදී වෘත්තීය සමිති යම් කැපවීමකින් කටයුතු කිරීම අවශ්‍ය බවයි. ජනවාරි 8 විප්ලවය ආපසු හැරවීමට නොදී කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

අගමැතිතුමාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්....

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top