අප අද ජීවත් වන්නේ ලේ කිරි කර පොවා හැදු වැඩූ දරුවන් විසින්ම දෙමාපියන්ව කූඩු කරන සමාජයකයි. එවන් සමාජයක මහළු පුද්ගලයින්ට සලකන අයෙකු දැකගන්නට ලැබීමද වාසනවකි. මේ අප කියන්නට යන්නේ එලෙස ගිලන්ව සිටි ස්වාමීන් වහන්සේලා කිහිප නමකට සත්කාර කළ බෝසත් පුතුන් කිහිප දෙනෙකු පිළිබඳවය.
ඔවුන් මේ සත්ක්‍රියාව සිදුකර ඇත්තේ ගිලන්ව සිටි ස්වාමින් වහන්සේලා දාහතරනමකටයි. උණු පැනින් නහවා අලුත් තුවා වලින් පිස අලුත් අඳන හා සිවුරු අන්දා පිරිසිදු කළ ඔවුන් ස්වාමීන්වහන්සේලාගේ සෑම ඇඳකටම අලුත් ඇතිරිලි, අලුත් කොට්ට, කොට්ටඋර දමා පිරිසිදු කළෝය.
දුර්ගන්ධව තිබූ වැසිකිලි හා කුටි හැම එකක්ම හොදින් පිරිසිදු කර සුවද වර්ගද ඉස, පරණ සිවුරු, ඇඳ ඇතිරිලි, තුවා සියල්ල සෝදා පිරිසිදු කළෝය.