අයවැයට විරෝධය පළ කරමින් ප්‍රවාහන, සෞඛ්‍ය ඇතුලූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයකට සූදානම්වනවා.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, වැඩිකළ රුපියල් දස දහසක දීමනාව මූලික වැටුපට එක් නොකිරීම, මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ.
කෙසේ වෙතත් වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ සහ පෙරේදා දිනයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවලදී තමන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මීට පෙර සැළසුම් කර තිබූ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සාකච්ඡාවෙන් පසු වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.
මේ අතර, වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබදව රජයේ ස්ථාවරය පැහැදිලි කරන විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. එහි දැක්වුණේ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් එහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු දක්වනු ඇති බවයි.