Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
ගාලු වරායේ නැංගුරම්ලා තිබෙන  මහනුවර නෞකාව අදාළ සමාගමට මුදා හරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දෙවන වරටත් ගාල්ල නියෝජ්‍ය හාබර් මාස්ටර්වරයාට නියෝග කර තිබෙනවා. ඒ, නැව මුදා හරින ලෙස අදාළ සමාගම ඉදිරිපත් කර තිබු මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.  ඒ අනුව මේ වන විට නැව ගාලු වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා.

සිලෝන් ෂිපිං සමාගමට අයත් මහනුවර නෞකාව ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම අවි ගබඩාවක් ලෙස පවත්වාගෙන ගියා.

views428 Views
comment

englishtrans
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය අමාත්‍ය ධුරයේ කටයුතු කරන සමයේ ඥාති සංග්‍රහයක යෙදී ඇති බවට බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.

නිවාස සංවර්ධන අධිකාරියට අයත් මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිකළ රුපියල් කෝටිය බැගින් වටිනා නිවාස පහෙන් හතරක්ම විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මුදල් අය කිරීමකින් තොරව ළඟම ඥාතින්ට ලබාදී ඇති බවයි එමඟින් හෙළි වී ඇත්තේ.

views274 Views
comment

englishtrans
අයවැයෙන් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන  අද ගොවීන් කොළඹට කැදවා තිබූ විරෝධතාවය නිසා කොළඹ පුරහල අවට වාහන තදබදයක්  ඇති වුණා.

මීට පෙර වාර්තා වුණේ ගොවින් දහසක් පමණ මෙලෙස කොළඹට පැමිණ විරෝධය පලකරන බවයි..

views812 Views
comment
englishtrans
‘‘කළින් කීවේ නිර්භයා කියලා‘‘

2012 වසරේදී ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයේම කතාබහට ලක්වූ සිද්ධියක් වූයේ  දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව මියගිය තරුණිය සම්බන්ධයෙනුයි. ඇයට සිදුවූ අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් දහස් ගණනක් ජනයා වීදි බැස උද්ඝෝෂණ සිදුකරන්නට වුණා.

එරට රජයේ නීති පවා වෙනස් කරන්නට තරම් මෙම සිදුවීම ලැව් ගින්නක් සේ ඇවිලී ගියා.  නමුත් එරට මාධ්‍ය මෙන්ම පොලිසිය විසින් ඇයගේ නම හෝ ඡායාරූප ප්‍රසිද්ධ නොකර සිටීමට වගබලාගත්තේ ඇයගේ නමට මෙන්ම දෙමාපියන්ට සිදුවන අපහසුතාවයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමේ අධිෂ්ඨානයෙනුයි.

views978 Views
comment
englishtrans
‘‘අපි දැනුවත්ව පුතා මොකුත් කළේ නෑ‘‘
ඝාතකයා ඇල්ලුවත් ගමේ මිනිස්සු තාමත් බයෙන්

වසර ගණනාවක් පුරා නොවිසදුණු කොටකෙතන කාන්තා ඝාතන රැසකට සම්බන්ධ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණ කර ගැනීමෙන් පසුත් මේ වන විට එම ප්‍රදේශයේ දැක ගැනීමට හැකිවන්නේ ඝාතන සිද්ධීන් හේතුවෙන් ගම් වැසියන් තවමත් බියෙන් පසුවන ආකාරයයි.
   
කොටකෙතන - ඕපාතවත්ත ප්‍රදේශයේදී නාගම් පාපු නැමති දෙදරු මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නැමැති සැකකරු තවත් කාන්තා ඝාතන 6 කට සම්බන්ධ බවට පැල්මඩුල්ල  අධිකරණයේදී අනාවරණ වුණා. ඒ මෙතෙක් අභිරහසක්ව පැවති කාන්තා ඝාතන රැසක තොරතුරු හෙළි කරමින්.
views1,065 Views
comment
‘‘නාමල් හිතන් ඉන්නේ නිදහස් පක්ෂේ තාත්තට අයිති කියලා,
2005 උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය නොවෙන්න මහින්ද පරාදයි,
ප්‍රභාකරන් ඒ ඩීල් එක දානකොට,
එයාට ගෝඨාභය රාජපක්ෂ ගැන පෙණුනේ නැහැ‘‘


2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා උතුරේ ඡන්ද වර්ජනය සඳහා එකඟතාවයක් ඇති කර නොගන්නට ඔහු එවර ජනාධිපතිවරණය පරාජය වීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ ඊයේ (16) කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී ඔහු පවසා සිටියේ නාමල්ගෙ මුඛයයි අධෝ මුඛයයි  අතර වෙනස අඟලක් පමණ වන බවයි. ඩිලාන් ප්‍රනාන්දු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්...

views609 Views
comment
දුන්නු ලේන්සුවෙන් මුහුණ පිස්සා විතරලු මතක
තිබ්බ බඩු ඔක්කොටම සුද්දයක් දීලා

මංගල දැන්වීමකින් සම්බන්ධ වු පුද්ගලයකු සමඟ ජාඇල ප්‍රදේශයේ පාසල් ගුරුවරියක්‌ මහනුවර තානායමක ගතකොට ඇයගේ පවුම් දෙකහමාරක රන් මාලය සහ ජංගම දුරකථනයද පැහැර ගෙන ගොස්‌ ඇති පුවතක්‌ පේරාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

තම මවත්, සහෝදරියත් සමඟ ජාඇල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ද්‍රවිඩ ජාතික පාසල් ගුරුවරියක්‌ තම කලින් විවාහයෙන් වෙන්වී ඇති අතර පසුව ඇයගේ මව විසින් පුවත්පතක පළ වූ මංගල දැන්වීමක දුරකථන අංක දෙකක්‌ ඔස්‌සේ සම්බන්ධ වු පුද්ගලයකු සමඟ මිතුරු වී ඇති අතර ඔහු වයස අවුරුදු 42 ක්‌ වන ඉන්දියාවේ පදිංචි හා ලන්ඩනයේ සේවය කරන අන්බර්ශාන් නම් අයෙකුයි.
views652 Views
comment
englishtrans
පස්සේ බලද්දි තුවක්කුව සෙල්ලම් එකක්ලු

ගුවන් තොටුපලේදී අවිගත් පුද්ගලයෙක් බවට සැක අයෙකු ජනපති එන මඟ විශේෂ ප්‍රභූ පර්යන්තයේ රැඳී සිටියදී ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවට වාර්තා වෙනවා. ඔහු පාදයක මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් රඳවාගෙන සිටි බව සඳහන්.

අද උදෑසන 9.00 ට පමණ ඔහු ආරක්ෂක භාරයට ගෙන ඇති අතර ගුවන්තොටුපල තුල රඳවාගෙන ප්‍රශ්න කළ බවටද වාර්තා වුණා. ජනපතිතුමා පසුගියදා ඉතාලියේ සංචාරයක නිරත වූ අතර එය නිමවා යලි දිවයිනට පැමිණෙන අවස්ථාවෙයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.

views429 Views
comment
views743 Views
comment
englishtrans
මහින්ද ළඟ හිටපු ඩ්‍රයිවර් කෙනෙක්ලු
කිරුළපන හන්දියේ CCTV වල සිද්ධිය සටහන් වෙලා
තාජුඩීන්ගේ වාහනේ ගිනිගත්තම නිවන්න ළඟට යන්න එපා කීවලු

වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාල CCTV සම්බන්ධයෙන් රටපුරා කතාබහක් ඇතිව ඇති මොහොතක ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ‘කැප්ටන් ’ කෙනෙකු නමින් හැඳින්වෙන හමුදා නිලධාරියකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බවට පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා.

ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ කටයුතු කොට ඇති අයෙකු වන බවටද වාර්තා වන අතර හිටපු ජනපතිවරයාගේ රියැදුරකු  වශයෙන්ද ඔහු කටයුතු කොට ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

views611 Views
comment
englishtrans
විනිශ්චය මණ්ඩලයටත්
සෙට් එකක් එක්කම ඇවිත් පහරදීලා


පසුගිය දා කොළඹ දී පැවැති 63 වන ජාතික ශූරතා කාය වර්ධන තරගාවලියේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබදව මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කතාබහක් ඇති වී තිබෙනවා.

එම තරගාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන යන සියල්ලම හිමි වුණේ ගුවන් හමුදාවටයි. කෙසේ වෙතත්, දෙවන ස්ථානය හිමි කර ගත් ගුවන් හමුදාවේ සිසිර කුමාර ක්‍රීඩකයා විනිසුරුවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් අශෝභන ලෙස හැසිරුණා. කෙසේ වෙතත්, දෙවන ස්ථානය හිමි වු සිසිර කුමාර නම් ක්‍රීඩකයා විනිසුරු තීරණයට විරෝධය පළ කරමින් අශෝභන ලෙස හැසිරීම කාගේත් අප්‍රසාදයට හේතු වුණා.

views538 Views
comment
2010.12.21 කාන්තාවක් දූෂණය කර මරලා
2011.12.15 තවත් කතක් මරලා
2012..05.31 වැන්දඹු කාන්තාවක් හා ඇගේ නැගණිය මරලා
2012.07.19 තවත් කාන්තාවක් හා ඇගේ දියණිය මරා
නිවසට ගිනි තියලා

කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී සිදුවූ ආසන්නතම කාන්තා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයෙන් වාර්තා වූ තවත් කාන්තා ඝාතන 6කට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව ඔහු කළ ඝාතනයන් සම්බන්දයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ සිරුරුවල තිබී සොයාගත් ආගන්තුක ජෛව සාම්පල සැකකරුගෙන් ලබා ගත් ජෛව ‍සාම්පල හා සැස‍ඳෙන බවට කොළඹ ජින්ටෙක් ආයතනය ලබා දුන් වාර්තාවට අනුවයි. පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා නාගම් පාපු නැමති දෙදරු මව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම කහවත්ත කොටකෙතන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසන්නතම  ඝාතනයයි.

views2,437 Views
comment
englishtrans
ගුවන් විදුලි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය ඇතුළු වැඩිම තෑගි ප්‍රමාණයක් පිරිනමමින් රටම කැළඹූ ෂා FM වාලම්පූරියේ  ප්‍රථම මහා දිනුම් ඇදීම අද සිදුකෙරුණේ රටපුරා අසන්නන්ගේ  සිහින යතාර්ථයක් කරමිනි.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන  ෂා FM වාලම්පූරියට දිවයිනේ නන් දෙසින් ෂා FM අසන්නන්ගෙන් ඉතා ඉහළ  ප්‍රතිචාර හිමි වුණා. අවසන්  මහා දිනුම් ඇදීමට ෂා එෆ්.එම්. ඔස්සේ දිනපතා ප්‍රචාරය වූ වාලම්පූරි මන්ත්‍රය ඇහුනු වේලාවන්, මිලියනයක් වටිනා සිහින සමඟ ලියූ  තැපැල්පත් මිලියන ගණනක් එක්රැස් වුණා.

views1,012 Views
comment
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වුණු රුවන් හෙට්ටිආරච්චිගේ දයාබර බිරිඳ ශෙරිල් ඩෙකර් රුවන්ගෙම මියුසික් වීඩියෝ වලින් වගේම පහුගිය කාලේ ටෙලිනාට්‍ය වලිනුත් අපිට දකින්නට ලැබුණා. හැබැයි මේ වෙනකොටනම් ශෙරිල් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් පොඩ්ඩක් අයින් වෙලාලු ඉන්නේ. මේක ගැන දැනගන්න හිරු ගොසිප් අපි ඇයට කතා කළාම ශෙරිල් කීවේ දැන් ටෙලිනාට්‍ය කලා ඇතිවගේ කියලයි.

ඒ වගේම ඇය කැමැත්තෙන් ඉන්නවලු සිනමාවට එන්නත්. ගොඩ දෙනෙක් ශෙරිල්ට කියලා තියෙන්නේ එයාව ගැලපෙන්නේ ෆිල්ම් වලට කියලලු. එයාටත් ඒක දැනිලා තියනවා කියලා තමයි ශෙරිල් කියන්නේ.

views564 Views
comment
englishtrans
ද්විත්ව ඝාතන දෙකකුත් කරලා
හැංගි හැංගී කතුන් මැරූ සාහසිකයා බවට
ප්‍රබල සාක්ෂි, DNA ත් ගැලපෙනවලු
ගමේ ප්‍රසිද්ධ ‘‘මහත්තයා‘‘ නමින්ලු


කහවත්ත -  ඕපාතවත්ත ප්‍රදේශයේ කාන්තා ඝාතනයක් සම්බන්ධයෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (15) ඉදිරිපත් කෙරුණු සැකකරු ප්‍රදේශයේ තවත් කාන්තා ඝාතන 6කට සම්බන්ධ බවට රහස් පොලීසිය දැනුම් දී තිබෙනවා. පසුගිය කාලයපුරාම රටම තිගැස්සූ මෙම ඝාතකයා සම්බන්ධයෙන් හරිහැටි තොරතුරුක් පොලිසියට සොයාගැනීමට නොහැකි වුනේ බොහෝ අවස්ථාව ඔහු කාන්තාවන් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව කිසිදු සළකුණක් තබා නොගිය නිසාවෙනුයි.

ද්විත්ව ඝාතන දෙකක් ඇතුළුව අනෙකුත් කාන්තාවන් ඝාතනය කර ඇත්තේ දූෂණය කිරීමෙන් පසුව බව ද මෙහිදී හෙළිව තිබෙනවා.  සැකකරු සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

views1,161 Views
comment
[1]      «      5173   |   5174   |   5175      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top