මංගල දැන්වීමකින් සම්බන්ධ වු පුද්ගලයකු සමඟ ජාඇල ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් මහනුවර තානායමක ගතකොට ඇයගේ පවුම් දෙකහමාරක රන් මාලය සහ ජංගම දුරකථනයද පැහැර ගෙන ගොස් ඇති පුවතක් පේරාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
තම මවත්, සහෝදරියත් සමඟ ජාඇල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ද්‍රවිඩ ජාතික පාසල් ගුරුවරියක් තම කලින් විවාහයෙන් වෙන්වී ඇති අතර පසුව ඇයගේ මව විසින් පුවත්පතක පළ වූ මංගල දැන්වීමක දුරකථන අංක දෙකක් ඔස්‌සේ සම්බන්ධ වු පුද්ගලයකු සමඟ මිතුරු වී ඇති අතර ඔහු වයස අවුරුදු 42 ක් වන ඉන්දියාවේ පදිංචි හා ලන්ඩනයේ සේවය කරන අන්බර්ශාන් නම් අයෙකුයි.
තමන්ට තයිරොයිඩ් සඳහා ප්‍රතිකාර ගැනීමට නුවර යැමට අවශ්‍ය බවත් ඇයටද එම ගමනට සහභාගි වන ලෙස ඔහු කතා කර දෙදෙනාම පසුගිය පළවෙනි දින සවස පහට පමණ මහනුවරට පැමිණ ත්‍රිරෝද රථයකින් තානායමකට පැමිණ රැය ගත කළ බවත් ඇය පොලිසියට සඳහන් කර තිබේ.
එහිදී ඇයට මුහුණ පිසදා ගැනීමට අත්පිස්‌නා කඩදාසියක් දුන් බවත් එයින් මුහුණ පිසදා ගත් පසු තමන්ට මොනවා වුණාද කියා නොදන්නා බවත් සිහිය ඇවිත් බලන විට පේරාදෙණිය දුම්රිය ස්‌ථානය සිටි බවට ඇයට තේරී තිබේ. තම ගෙල බැදි මාලය සහ ජංගම දුරකථනය රැගෙන ඔහු පලා ගොස් ඇති බව ඇයට තේරී ඇත. පසුව ඇය විසින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබේ.