සුපුරුදු පරිදි මෙවරත් හිරු ටී.වී. සංවිධාන කළ ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීව වැඩසටහන ආරම්භ වූයේ අද අළුයම 5ටයි.
ඒ, බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්රයේදීයි.
ප්‍රවීණ සහ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ කලා ශිල්පීන් රැසක් එක්වූ ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීවි වැඩසටහන නැටුම් ගැයුම් රැඟුම්වලින් මෙන්ම ජන ක්‍රීඩාවලින් ද වර්ණවත් වුණා.
එසේම, ප්‍රේක්ෂක නෙත්, සවන් පිනවන අතරතුර ශාස්ත්‍රීය සාකච්ඡා කිහිපයක්ද පැවති අතර, ඊට ප්‍රවීන චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සහ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා.