Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
17
නාමල්ගේ මුඛයයි අධෝ මුඛයයි අතර වෙනස එක්ක මහින්ද රාජපක්ෂ ඒ කාලේ ඡන්දෙට දාපු ඩීල් ගැන ඩිලාන් පෙරේරා කී හැටි - වීඩියෝ

- නාමල්ගේ මුඛයයි අධෝ මුඛයයි අතර වෙනස එක්ක මහින්ද රාජපක්ෂ ඒ කාලේ ඡන්දෙට දාපු ඩීල් ගැන ඩිලාන් පෙරේරා කී හැටි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

‘‘නාමල් හිතන් ඉන්නේ නිදහස් පක්ෂේ තාත්තට අයිති කියලා,
2005 උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය නොවෙන්න මහින්ද පරාදයි,
ප්‍රභාකරන් ඒ ඩීල් එක දානකොට,
එයාට ගෝඨාභය රාජපක්ෂ ගැන පෙණුනේ නැහැ‘‘


2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා උතුරේ ඡන්ද වර්ජනය සඳහා එකඟතාවයක් ඇති කර නොගන්නට ඔහු එවර ජනාධිපතිවරණය පරාජය වීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ ඊයේ (16) කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී ඔහු පවසා සිටියේ නාමල්ගෙ මුඛයයි අධෝ මුඛයයි  අතර වෙනස අඟලක් පමණ වන බවයි. ඩිලාන් ප්‍රනාන්දු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්...



- නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දුන්න සාකච්ඡාවේ කියනවා අපි 96 ක් විපක්ෂයට පත්වුණා, රටේ ඒකීයත්වය, දේශීයත්වය අපේකම දන්න මිනිස්සු ඉතුරු වුණා, ඉතුරු මින්ස්සු ගියා. එතුමන්ට අමත වෙලා තියෙනවා මේ පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂයක් නෙවෙයි දැන්.

මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කරනවා සම්මුතිවාද ආණ්ඩුවට යන්න. එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා හින්දා හිතනවා මේ පක්ෂය අයිති මගේ තාත්තට ඒ නිසා මට ඕන දෙයක් කියන්න පුළුවන් කියලා. එහෙම කියන්න බැහැ. එතුමාට මම අනුකම්පා කරනවා වයසට. එතුමා කියනවා ඩීල් ගැන. දේශපාලනයේ හැම පක්ෂයක්ම ඉතිහාසේ ඩීල් දාලා තියෙනවා. සමහර ඩීල් වාසියි, මහින්ද රාජපක්ෂ මහත්තයත් ඩීල් දැමිමා.
 
2005 උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය නොවෙන්න මහින්ද පරාදයිනේ. ප්‍රභාකරන්ට වැරදුණා, ප්‍රභාකරන් ඒ ඩීල් එක දානකොට එයාට ගෝඨාභය රාජපක්ෂ ගැන පෙණුනේ නැහැ. තවදුරටත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හිතන එක වැරදියි මේක මගේ තාත්තාගේ පක්ෂය. නාමල් තරුණ මන්ත්‍රීවරයෙක්, හැබැයි ගමන තියෙන්නේ එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා මතයක් එක්ක යනවානම් විතරයි.

ප්‍රශ්නය - නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ප්‍රකාශ කරලා තියෙනවා රාජපක්ෂවරු අපරාධ කරලා නැහැ ලේ ගෑවිලා නැහැ කියලා..?

-මම දන්න විදිහට ඇත්තටම රාජපක්ෂවරුන්ගේ අතේ ලේ ගෑවිලා නෑ. අපිට වඩා මහින්ද රාජපක්ෂගේ පරාජයට වගකියන්න ඕන නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කියලා කිව්වේ ඒකාබද්ධ විපක්ෂයේ උදවිය පත්තරවලට. රාජපක්ෂවරු ඉතිහාසයේ ඉඳන් දේශපාලනය කරපු මිනිස්සු. නාමල්ට විතරයි දැන් ඔය ටිකක් තාත්තා ජනාධිපති කාලේ මන්ත්‍රීතුමා වෙච්ච නිසා එතුමාට කතා කරනකොට මුඛය සහ අධෝ මුඛය අතර තියෙන දුර යාරය නෙවෙයි අඟලක් වගේ පේන්න කතා කරන්නේ.

ප්‍රශ්නය - ගිය ඡන්දෙ ගෙනාපු වහ බෝතල් ටික ගේනවාද මේ ඡන්දෙටත්..?
-වහ බෝතල් ටික මේ ඡන්දෙ වෙනකම්ම තියන් ඉන්නේ. කිසිම අවුලක් නෑ. වහ බෝතල් පිටිපස්සේ තිබුණේත් තමුන්නාන්සෙලා වාර්තා කළා වගේම අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත හාමුදුරුවේ හොරකමට වංචාවට විරුද්ධව සිංගප්පුරුවේ ලී ක්වාං යූ මහත්මයා සම්බන්ධ කරං කරපු ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය හැමදාටම වලංගුයි. ඒ නිසා වහ බෝතල් ටික තියෙනවා.

ප්‍රශ්නය - හාමුදුරුවන්ගේ වහ බෝතලය අපිට තමයි බොන්න වෙන්නේ...

නෑ හාමුදුරුවන්ට වහ දෙන්න කතා කළේ නැහැ. සම්පූර්ණ වැරදියි.

ප්‍රශ්නය - නැහැ ඔබතුමා කිව්වා එදා එකක් සෝභිත හාමුරුවන්ට...

-නෑ .. වැරදියි වැරදියි. පට්ටපල් බොරු මම කිව්වේ මෙන්න බෝතල් 4 මම ගිහිං දෙනවා හාමුරුවන්ට. උන්වහන්සේට කිව්වා අර 4 දෙනාට දෙන්න කියලා. පට්ටපල් බොරු. අරක දාන්න පට්ටපල් බොරු කියපු එක..... වැරදියි... වැරදියි... උඹ උදව් කරනවා රනිල්ට. එකක් රනිල්ට, එකක් හරීන්ට, එකක් මංගලට, එකක් රවීට.

එහි වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top