ගාලු වරායේ නැංගුරම්ලා තිබෙන මහනුවර නෞකාව අදාළ සමාගමට මුදා හරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දෙවන වරටත් ගාල්ල නියෝජ්‍ය හාබර් මාස්ටර්වරයාට නියෝග කර තිබෙනවා. ඒ, නැව මුදා හරින ලෙස අදාළ සමාගම ඉදිරිපත් කර තිබු මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව මේ වන විට නැව ගාලු වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා.
සිලෝන් ෂිපිං සමාගමට අයත් මහනුවර නෞකාව ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම අවි ගබඩාවක් ලෙස පවත්වාගෙන ගියා.
එය මේ වසරේ ජනවාරි 18 වැනිදා පොලිසිය භාරයට ගැනුණු අතර, නැව අබලන් වීම හේතුවෙන් එහි ආයුධ වෙනත් නැවකට මාරු කිරීමට සිලෝන් ෂිපිං සමාගම අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණා. ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 22 වැනිදා අධිකරණය නියෝග කළේ නැව අදාළ සමාගමට මුදා හරින ලෙසයි.
කෙසේ වෙතත්, නැව මුදා නොහැරීම සම්බන්ධයෙන් සමාගම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණා.
එය සැලකිල්ලට ගත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නැව මුදා හරින ලෙස අධිකරණය මීට පෙර නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය හාබර් මාස්ටර්වරයාට දැඩි ලෙස අවවාද කළා.
අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය පැවසුවේ එසේ නොකරන්නේ නම් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බවයි .
නැව ගාලු වරායෙන් පිටත්ව ගිය අවස්ථාව......
.jpg)