ඇල්පිටිය පිටුවල අඬාහැලෙන ඇල්ල අසල තිබී තරුණ යුවළකගේ මළ සිරුරු ඊයේ (13) දිනයේ සොයාගත් අතර ඔවුන් දිවිනසා ගත් බවට එම ස්ථානයේ තිබූ වස බෝතලය නිසා නිරීක්ෂණය වූවත් ඔවුන් දෙදෙනා ඝාතනය කර ඇති බවට පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
දියඇල්ල අසල යතුරුපැදියක් දමාගොස් ඇති බවට ඇල්පිටිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුව කල විමර්ශණයකදීයි මෙම මළ සිරුරු සොයාගැනුණේ. විමර්ශණවලදී හෙළිවුණේ යතුරුපැදිය ඇල්පිටිය නවදගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් එකක් බවටයි. තවදුරටත් එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේදීයි වයස අවුරුදු 23 ක් වන තරුණයකුගේ මළ සිරුරක් සහ 18 හැවිරිදි තරුණියකගේ මළ සිරුරු හමුවී ඇත්තේ.
තරුණයා හමුදා සෙබලෙකු වන අතර තරුණිය පාසැල් සිසුවියක්. යතුරුපැදිය ගෙන යෑමට මොවුන් නොපැමිණි නිසා ඇල්ල ළඟ පෙදෙස විපරම් කර බැලීමේදී යතුරුපැදිය නවතා ගිය අය ඇල්ල අසලම තරුණියක සමග මියගොස් සිටි අයුරු දැකි ඇති බවටයි එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු පොලිසියට සඳහන් කර ඇත්තේ.
මෙම මරණ සියදිවි හානිකර ගැනීමක් බවට ජනතාව නොමග යැවීම සඳහා එම ස්ථානයේ කෘමිනාශක බෝතලයක් දමා ඇතැයි ද වාර්තා වේ.
අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා මහතාගේ වාර්තාවට අනුව ගැහැනු ළමයාගේ හිසට පොල්ලකින් ගසා ඝාතනය කර ඇති බවත් ඇගේ පෙම්වතාගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවටත් වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය, නවදගල, අලිකෑහේන වත්ත ප්‍රදේශයේ පදිංචි, කන්දගේ අනූෂා ප්‍රියදර්ශනී (18) හා හේවා හඳුන් පතිරණ අශාන් ජයශාන්ත (23) නමැති දෙදෙනෙකි.
මෙම තරුණ යුවළගේ පෙම් සබඳතාව ගැන නිවෙස්වල අය දැනුවත්ව සිට ඇත. ඊට නිවෙස්වලින් විරුද්ධ වීමක් නොමැතිව තිබියදී දිවි නසාගැනීමට හේතුව දෙපාර්ශ්වයේම ඥාතීන්ට ගැටලුවක් වී ඇති බවටද වාර්තා වේ.
තරුණයා යුද හමුදාවේ සේවය කරමින් සිටි අතර නිවාඩුවට පැමිණ ඉකුත් 11 වන දින කුරුඳුගහහැතැප්ම නගරයට යන බව පවසා ගොස් ඇති බවත් තරුණිය ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා වූ අමතර පන්තියකට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇත්තේ රෙදි බෑග් ඇඳුම් කිසිවක් නොමැතිව බවත් ඒ අයගේ පවුල්වල ඥාතීන් පොලිසියට කළ පැමිණිලිවල සඳහන්ය. මෙම දෙදෙනාගේ පෙම් සම්බන්ධතාවට මාස හයක් පමණ වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.